අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
ආධාර

අපනයන කෘෂි බෝග සංවර්ධනය කිරීමට ලබාදෙන ආයෝජන ආධාර ක්‍රමය - "නව වගා"
නව වගා ස්ථාපනය කිරීම සඳහා මෙම නව ආයෝජන ආධාර ක‍්‍රමය හඳුන්වාදී ඇත.තවද මෙය හොඳ වගාවක් ස්ථාපනය කරලීම හා මනා වගා නඩත්තුව ඇති කරලීම සඳහා වේ.මෙම ආයොජන ආධාරය අදියර දෙකකින් ලබාදෙනු ලබයි.

(A) පළමුවන අදියරේදී අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය ගොවියාට නොමිලේ ලබාදෙනු ලබයි. නමුත් පළමුව නිර්දේශිත පරිදි භූමිය සකස් කර තිබිය යුතුය.

(B) දෙවන අදියරේදී මුල්‍යමය ආධාර (ප්‍රදානයන්) ලබාදෙනු ලබයි. මෙය දෙනු ලබන්නේ නියමිත කාල සීමාවක් තුළදී බලයලත් නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ නිසි පරිදි නඩත්තු කරන ලද වගාවන් සඳහායි. 

ආයෝජන ආධාර ක්‍රමයට අවශ්‍ය සුදුසුකම්
(1) අවම වශයෙන් හෙක්.0.2ක් (අක්.1/2ක්) හෝ ඊට වඩා වැඩි ඉඩම් ප‍්‍රමාණයක් සතු අයෙකු විය යුතුයි. කෙසේ නමුත් "ජාතික සවිය" - "ගම නැඟුම" වැඩසටහන් යටතේ හෙක්. 0.4කට (අක්.1/4) වඩා වැඩි ඉඩම් ද සලකා බලනු ලබයි.
(2) පසුගිය වසර අටක කාලයක් තුළ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හෝ වෙනත් රජයේ ආයතනයකින් කිසියම් වූ ආධාරයක් නොලැබූ ඉඩමක් විය යුතුයි.
(3) අතුරු වගා සඳහා, රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතාව පදනම් කරගෙන ආධාර දෙනු ලැබේ.

ආයෝජන ආධාර ක‍්‍රමය සවිස්තරව පහතින් දක්වා ඇත.

භෝගය පරතරය (මී.) හෙක්.1කට නොමිලේ
දෙනු ලබන පැල ප‍්‍රමාණය
හෙක්.1කට දෙනු ලබන ආයෝජන
ආධාරය (රු.)
මූල්‍යමය ප්‍රධානය
ලැබිය යුතු කාලය
භෝග ස්ථාපනය
කළ දින සිට
කුරුඳු 1.2 x 0.9
1.2 x 0.6
9,000
14,000
20,000 2 to 5
අරාබි කෝපි 1.8 x 1.8
1.8 x 2.5
3,000
2,200
35,000 3 to 5
කෙටිමෝ කෝපි 3 x 3 1,100 20,000 3 to 5
කොකෝ 1.8 x 1.8 3,000 35,000 3 to 5
ගම්මිරිස් 3 x 3 1,100 40,000 3 to 5
එනසල් 2.4 x 2.4 1,750 25,000 3 to 5
කරාඹු නැටි 2 x 2.5 2,000 35,000 3 to 5
සාදික්කා 6 x 7.25 230 10,000 4 to 6
වැනිලා 6 x 7.25 230 15,000 4 to 6
පැඟිරි තෙල් 2.4 x 1.5 2,750 5,000 3 to 5
සේර 0.9 x 0.9
0.6 x 0.6
17,500
30,000
10,000 මාස 8 සිට අවුරුදු 2 දක්වා
ලෙමන් ග්‍රාස්‌ 0.6 x 0.6 30,000 10,000 මාස 8 සිට අවුරුදු 2 දක්වා
කොන්දේසි සහිතයි.

අපනයන කෘෂි භෝග වගාවන්හී පලදායීතාවය වර්ධනය සඳහා වන ආයෝජන ආධාර ක‍්‍රමය 
 
ආයෝජන ආධාර ක‍්‍රමය සවිස්තරව පහතින් දක්වා ඇත.
 
භෝගය 1 වැනි වාරිකය
(re'$හෙක්.)
2 වැනි වාරිකය
(re'$හෙක්.) 
3 වැනි වාරිකය
(re'$හෙක්.) 
කුරුඳු 10" 000 5" 000 5" 000
ගම්මිරිස් 10" 000 5" 000 5" 000
කොකෝ 10" 000 5" 000 5" 000
කෝපි 10" 000 5" 000 5" 000
එනසල් 10" 000 5" 000 5" 000
කරාඹු 5" 000 2" 000 2" 000
සාදික්කා 5" 000 2" 000 2" 000
කොන්දේසි සහිතයි.

පසු අස්වනු තාක්‍ෂණය සඳහා වන ආයෝජන ආධාර ක්‍රමය 


මෙම ආයොජන ආධාර ක‍්‍රමය සුළු පරිමාණ වගාකරුවන් වෙත දෙනු ලබන අතර ඉන් අපේක්ෂා කරනුයේ සුළු පරිමාණ වගාකරුවන් ඒකරාශී කොට සංවිධාන ගත කිරීම මගින් ඔවුන්ගේ පසු අස්වනු තාක්‍ෂණ ක‍්‍රමවේදය උසස් තත්වයකට පත් කරලීමයි.
 
ආයෝජන ආධාර ක‍්‍රමය සවිස්තරව පහතින් දක්වා ඇත.
 
  ආයෝජනය මූල්‍යමය ප්‍රදානය
එක එකකයකට රු.
01 ගම්මිරිස් සැකසීම සඳහා
උණු වතුර ප‍්‍රතිකාර කට්ටලය
සුදු ගම්මිරිස් නිෂ්පාදන යන්ත්‍රය
ගම්මිරිස් ඇට ගලවන යන්ත‍්‍ර
- අතින් කි‍්‍රයාකරන 
- විදුලිබලයෙන් කි‍්‍රයාකරන 
- යාන්ති‍්‍රකව කි‍්‍රයාකරන
අමු ගම්මිරිස් බීජ තේරීමේ උපකරණය
වියළීමේ ඒකකය
ශ්‍රේණි කිරීමේ යන්ත්‍රය

1" 000
25" 000

10" 000
20" 000
22" 500

8" 000
  විස්තර අංක 6හි දක්වා ඇත
15" 000
02 කෝපි සැකසීම සඳහා
කෝපි පොතු ඉවත් කරන යන්ත‍්‍ර
- අතින් ක්‍රියාකරන
- යන්ත්‍රයෙන්/විදුලිබලයෙන් ක්‍රියාකරන
කෝපි පාච්මන්ට් ආවරණය ඉවත්කරන යන්ත්‍රය
වියළීමේ ඒකකය


5" 000
15" 000
10" 000
විස්තර අංක 6 දක්වා ඇත
03 කොකෝ සැකසීම සඳහා
පැසවීම සිදු කරන්නාවූ පෙට්ටි 03ක් සඳහා
පැසවීම සිදු කරන්නාවූ තැටි
වියළීමේ ඒකකය

4" 500
6" 000
 විස්තර අංක 6 දක්වා ඇත
04 වාෂ්පශීලී තෙල් ආසවන ඒකක සඳහා
අළුතින් ඉදිකිරීම සඳහා 
භාගික ආසවන ඒකකය

උපරිමය - 75" 000
1" 00" 000
05 සැකසීමේ මධ්‍යස්ථාන සඳහා
කුරුඳු (අවම බිම් වර්ග අඩි 400ක වපසරියකට)
අනෙක් භෝග නිෂ්පාදන සැකසීමේ  මධ්‍යස්ථාන සඳහා

උපරිමය - 40" 000
උපරිමය - 10" 000
06 වියළීමේ ඒකක සඳහා
බහු කාර්ය වියළන යන්ත්‍ර සඳහා (ධාරිතාව කි.ග‍්‍රෑ.250ක් හෝ ඊට වැඩි)
සූර්යතාපයෙන් වියළන යන්ත්‍ර (වර්ග අඩි 100&
- සුරක්ෂිත කමත 
- පොළොව මට්ටමෙන් ඉහළට සකස් කළ වියළන

1" 00" 000

උපරිමය - 10" 000
උපරිමය - 10" 000
07 වැනිලා පදම් කිරීම සඳහා උපරිමය - 10" 000
කොන්දේසි සහිතයි.

 ඊ ෆියුශන් නිමවුමක්‌ 2007/2008

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරනය ICTA