මහනුවර සිට කි.මී. 25 ක් දුරින් මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ඇල්වල පිහිටි අපනයන දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්‌ථානය 1982 වර්ෂයේ
ආරම්භ කළ අතර මෙහි මන්ත්‍රණ ශාලා, දේශන ශාලා හා නේවාසිකාගාර පහසුකම් ඇතුළුව එකවර 30 දෙනෙකුට පුහුණුවීම සඳහා අවශ්‍ය වෙනත් පහසුකම් ද ඇත. මෙම මධ්‍යස්‌ථානය EAC ආදර්ශ කුළුබඩු උද්‍යානය ආවරණය වන ආකාරයෙන් වේ.
මෙම විෂයබද්ධ පුහුණු මධ්‍යස්‌ථානයේ සැලසුම්, සංවිධානය කිරීම් හා පුහුණු වැඩසටහන්, මගපෙන්වීම්, ආවරණය ඊඒසී (වැවිලි නිෂ්පාදන, වැවිලි ආරක්‌ෂණ, පසු අස්‌වනු ශිල්පීය ක්‍රම) අංශයෙන් සිදුකෙරේ.
පුහුණු කණ්ඩායම් සඳහා ඉලක්‌ක
ගොවියන් ඇතුළු, දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, වෙළඳ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහි පුහුණු කණ්ඩායම් සඳහා ඉලක්ක වේ.
පුහුණු වැඩසටහන්
පුහුණු වන්නන්ගේ දැනුම පුළුල් කිරීම, ඔවුන්ගේ දක්‌ෂතා සහ ආකල්ප දියුණු කිරීමෙන් හා ඔවුන් වඩා ශක්‌තිමත් කර ශ්‍රී ලංකාවේ අපනයන කෘෂි නිෂ්පාදනයට සහ අලෙවිකරණයට සහභාගි කර ගැනීම. මුහුණට මුහුණ කෙරෙන දේශනවලට හවුල්කර ගැනීම, ස්‌වයං පුහුණු සැසි පැවැත්වීම, බහු මාධ්‍ය දර්ශන, සාකච්ඡා, පුද්ගලික හා කණ්‌ඩායම් පැවරුම්, අධ්‍යාපන චාරිකා.
කාර්ය මණ්‌ඩලය :- පුහුණු කිරීමේ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‌ෂ සහ (ශ්‍රී ලංකා ශිල්පීය සේවා නිලධාරි) පුහුණු කිරීමේ නිලධාරින් සහ සහායක කාර්ය මණ්‌ඩලය දස දෙනෙකු වේ.
අවශ්‍ය තොරතුරු සඳහා විමසන්න : සී.එච්. අමුණුගම මහත්මිය
සහකාර අධ්‍යක්‌ෂ (ක්‍රියාකාරි)
දුරකථනය : +94 66 2243450