කුරුඳු
|
හැඳින්වීම
උද්. විද්‍යා. නාමය (Cinnamomum verum Presl) (සිනමෝමම් වෙරම් පි‍්‍රසල්, සිනමෝමම් සෙලනිකම් බ්ලූම්)
කුලය - ලොරේසියේ බ්ලූම් (Lauraceae)

කුරුඳු ශ්‍රී ලංකාවට ආවේණික භෝගයක්. සත්‍ය කුරුඳු හෙවත් සිලෝන් සිනමන් යනු ලොරේසියේ කුලයට අයත් සිනමෝමම් වෙරම් පි‍්‍රසල් ශාකයේ වියළාගත් පොත්ත වේ. එහෙත් වානිජව කුරුඳු ලෙස වෙනත් සිනමෝමම් වර්ග කිහිපකින්ම ගන්නා කැසියා කුරුඳු ද හැඳින්වේ. නමුත් මෙම කැසියා කුරුඳු වර්ගවල ගුණාත්මක බව සත්‍ය කුරුඳුවලට වඩා බෙහෙවින් අඩුය. කුරුඳු සදාහරිත බහු වාර්ෂික ශාකයකි. පත‍්‍ර එකිනෙකට ප‍්‍රතිවිරුද්ධව සර්පිලාකාර ලෙස කඳට සවිවී ඇති අතර පත‍්‍රවල මුල සිට අග දක්වා විහිදෙන නාරටි 03ක් දක්නට ඇත. ස්වාභාවික තත්ත්ව යටතේ කුරුඳු ගස මීටර් 10 - 15ක් දක්වා උසකට සහ කඳ සෙ. මී. 30 - 35 ක් දක්වා වට ප‍්‍රමාණයකට වර්ධනය වේ. කුරුඳු ගස වරින් වර අස්වනු සඳහා කපා ගැනීමෙන් මීටර් 2 - 2.5 දක්වා උස ප‍්‍රමාණයකින් යුක්ත, කඳ පාමුලින් හටගත් රිකිලි කීපයක් සහිත, පඳුරක් ආකාරයට හැඩගස්සවා ගැනේ. කුරුඳු මල් ද්වීලිංගිකය. කුඩාය.
රෝපණ කටයුතු
ශෂ්‍ය විද්‍යාත්මක අවශ්‍යතා
කුරුඳු නිවර්තන ශාකයකි. එය පුළුල් පරාසයක් සහිත ශුෂ්ක දේශගුණික තත්වයන්ට ඔරෙත්තු දෙන විවිධ පාංශු තත්වයන් යටතේ වගා කළ හැකිය. ශ්‍රී ලංකාවේ අතර මැදි සහ තෙත් කලාපවල, විශේෂයෙන් ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ති‍්‍රක්කවල දක්නට ලැබෙන රිදීවන් වැල්ල හෝ සුදු වැලි පසේත්, ලෝම පසේත්, බොරළු සහිත ලැටරිටික් පසේත් කුරුඳු භෝගය වගා කෙරේ. තවද මුහුදු මට්ටමේ සිට මී. 300 - 350ක් දක්වා උච්චත්වවල, වනාන්තර ආශ‍්‍රිතව වැවෙන ශාකයක් ලෙසද කුරුඳු ශාකය දක්නට ලැබේ. ඉතා සුදුසු උෂ්ණත්ව පරාසය 250ක් - 300ක්‍ත් අතර වේ.
නිර්දේශිත ප‍්‍රහේද
කුරුඳු විශේෂ 8ක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබුනත් වානිජමය මට්ටමින් වගා කෙරෙන්නේ එක් විශේෂයක් වන සිනමෝමම් වේරම් යන වර්ගයයි. පර්යේෂණ මගින් දැනට වැඩි දියුණු කළ කුරුඳු වර්ග 10ක් සොයාගෙන ඇති අතර එම ප‍්‍රභේද විවිධ දේශගුණ තත්ව යටතේ වගා කර පර්යේෂණ තත්වයේ පවතී.
|
|
|