කරාඹු
හැඳින්වීම
උද්. විද්‍යා. නාමය - Eugenia Caryophyllus ( ඊයුජීනියා කැරියොෆිලස්)
කුලය - මයිරටේසියේ (Myrtaceae)
වාණිජව කරාඹු ලෙස හඳුන්වන්නේ මර්ටේසියේ පවුලට අයත් ඉවුජීනියා කැරියෝෆිලස් ශාකයේ,
පූර්ණව වැඩුණු එහෙත් නොපිපී වියලාගත් මල් පොහොට්ටුය. මල් පොහොට්ටු මගින් කරාඹු තෙල්
ලබාගන්නා අතර පොහොට්ටු කඩා ගැනීමෙන් පසු ඉතිරිවන්නාවූ මල් දැරූ නැටි හා කොළ වෙළඳ
වටිනාකමෙන් යුත් අනෙක් කොටස් වේ. කරාඹු තෙල් පැහැයකින් තෙර හෝ යන්තම් ලා කහ පැහැති
දියරයක් වන අතර කල් යෑම නිසා හෝ ආලෝකයට භාජනයවීම නිසා පැහැයක් ගනී. කරාඹූ මධ්‍යම
ප‍්‍රමාණයේ සමමිතික හැඩයක් ඇතිව වැඩෙන අළු පැහැති සිනිදු පොත්තක් සහිත ශාකයකි.
සම්පූර්ණයෙන් වැඩුනු ගසක් මීටර් 15ක් හෝ 20ක් පමණ වේ.
රෝපණ කටයුතු
ශෂ්‍ය විද්‍යාත්මක අවශ්‍යතා
මුහුදු මට්ටමේ සිට මීටර් 1000ක් පමණ උස්වූ, තෙත් සහිත නිවර්තන කලාපීය දේශගුණික
ප‍්‍රදේශවල කරාඹු නැටි ඉතා සාරවත් ලෙස වැවේ. මිලි මීටර් 1750 - 2500 අතර වාර්ෂික
වර්ෂාපතනයන් මෙම බෝග වගාව සඳහා ප‍්‍රමාණවත්ය. හොඳ මල් හටගැනීම සඳහා තෙත් කාලයක්
මෙන්ම වියළි කාලයක්ද වරින් වර තිබීම අවශ්‍ය වේ. කෙසේ වෙතත් දිගු වියළි කාලවලට මෙම
බෝගය ඔරෙත්තු නොදේ. ශ්‍රී ලංකාවේ කරාඹු නැටි බහුලව වගා කරනු ලබන්නේ මැද රට උවත්
පහතරට තෙත් කලාපයේ ද වගා කිරීමට හොඳ විභවයක් ඇත. සෘතුමය හා දෛනික වෙනස්වීම් එතරම්
නොමැතිව සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙ.ග‍්‍ර. 15ත් - 30ත් අතර විය යුතුය. විවිධ පස්
වර්ගවල කරාඹු ශාකය මනාව වර්ධනයවේ. හියුමස් බහුල ගැඹුරු, ලොම් සහිත පස මෙම වගාවට
ඉතාමත් සුදුසුය. පසේ ජලය රඳා පැවතීම මෙම බෝගයට අහිතකර වන අතර මනා ජල වහනයක් සහිත
පසක් යෝග්‍යවේ.
ක්ෂේත‍්‍රයේ සිටුවීම
කරාඹු බෝගය බීජ මගින් ප‍්‍රචාරණය කිරීම සිදු කරනු ලබයි. කරාඹු ශාකයේ හඳුනාගත් විශේෂ
ප‍්‍රභේද නැත. ප‍්‍රරෝහනය කළ බීජ පැල පොලි බෑග්වල සිටුවාගත යුතුය. කරාඹු පැල
ක්ෂේත‍්‍රයේ සිටුවනු ලබන්නේ මීටර් 6 ං 7.2 පරතර වලිනි. තොරාගත් මාස 15ක් හෝ 20ක්
පමණ වයසැති පැල වර්ෂාවත් සමඟ ක්ෂේත‍්‍රයේ සිටුවාගත යුතුය. ශාකය වර්ධනය වන මුල් වසර
2ක - 3න තුලදී සෙවන අවශ්‍ය උවද ඉන්පසුවතද හිරු එළියේ හොඳින් වර්ධනය වේ.
පොහොර යෙදීම
හොඳ වගා ස්ථාපනයක් හා වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා පැල වගාකරන අවස්ථාවේ සිට නිසි
පරිදි පොහොර යෙදීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා පහත පොහොර මිශ‍්‍රණයය හා ප‍්‍රමාණයන්
නිර්දේශකර ඇත.
| සංයුතිය |
කොටස්වල බර |
මිශ‍්‍රණයේ ඇති පෝශ්‍ය පදාර්ථ |
| යුරියා (46% N) |
2 |
13% N |
| රොක් පොස්ෆේට් (28% P2O5) |
2 |
8% P2O5 |
| මියුරියේට්ං ඔෆ්පොටෑෂ් (60% K2O) |
3 |
25% K2O |
| කීසරයිට් (24% MgO) |
1/3 |
1% MgO |
මිශ‍්‍රණයේ ප‍්‍රමාණය / පැලයකට / වර්ෂයකට (ග‍්‍රෑම්)
| වර්ෂය |
ප‍්‍රමාණය |
| 1වන වර්ෂය |
250 |
| 2වන වර්ෂය |
500 |
| 3වන වර්ෂය |
750 |
| 4වන වර්ෂය |
1000 |
| 5වන වර්ෂය හා ඉන්පසුව |
1250 |
මෙම මිශ‍්‍රණය වෙනුවට වෙළඳ පොලේ ඇති පොල් පොහොර මිශ‍්‍රණය :(NP2O5:K2O) 11:10:25
යෙදිය හැක. පැලයකට යොදන ප‍්‍රමාණ මිශ‍්‍රණ දෙකෙහිම එක සමානවේ.
අස්වැන්න නෙලීම
කරාඹු මල් පොහොට්ටු නෙලාගැනීමට සුදුසුම කාලය මල් පෙති ලා කොළ පැහැයෙන් කහ මිශ‍්‍ර
රෝස පැහැයට හැරෙන අවධියයි
.
ගුණාත්මක අවශ්‍යතා
ගොවීන්ගේ මට්ටමෙන් මේවායේ විශේෂ වර්ග කිරීමක් නැත. එහෙත් ලංකා ප‍්‍රමිති කාර්යාංශය
විසින් දක්වා ඇති වර්ග අනුව නැව්ගත කරන්නන් මේවා වර්ග කරනු ලැබේ. සම්මත වර්ග පහත
දක්වා ඇත.
කරාඹු සඳහා ශී‍්‍ර ලංකාවේ සම්මත වර්ග කිරීම්
| |
1ශ්‍රේණිය |
2ශ්‍රේණිය |
3ශ්‍රේණීය |
| කුකර් කරාඹු (උපරිම )% බර අනුව |
3 |
2 |
10 |
| මි.මී. 10 වැඩි දිගින් අඩු කරාඹු (උපරිම) % බර අනුව |
15 |
25 |
අදාල නොවේ |
| බාහිර ද්‍රව්‍ය (උපරිම ) % බර අනුව |
1 |
2 |
3 |
| ත්‍තතමනය (උපරිම * % බර අනුව |
12 |
12 |
14 |
පැහැය - රතු මිශ‍්‍ර දුඹුරු පැහැයේ සිට කළුවන් දුඹුරු පැහැ විය යුතුය.
රස - එයටම ආවේණිකවූ සුවඳ හා රස හොඳින් තිබිය යුතුය. එහි පුස් රසය හෝ වෙනත් රස
නොතිබිය යුතුය.
පිරිසිදුකම - කරාඹු නැටි ජීව හෝ අජීව කෘමින්ගේ පුස් වලින්, මියන්ගේ අපවිත‍්‍ර දෑ
වලින්,
රොඩු කුණු ආදියෙන් තොර විය යුතුය.