අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කොකෝ

හැඳින්වීම

උද්. විද්‍යා. නාමය - ඔයැදඉරදප් ක්‍්ජ්ද (තියෝබ්‍රෝමා කැකැවෝ)
කුලය - ස්ටර්කියුලේසියේ : (ීඑැරජමකස්ජැ්ැ)

කොකෝවා සඳහා ලෝකයේ ඉල්ලූම වැඩි වෙමින් පවතින බැවින් අනාගතයේ කොකෝවා අපනයනය ඉහළ යෑමේ විභයක් පවතී. එබැවින් ශී‍්‍ර ලංකාව තුල කොකෝවා වගා කරන බිම් ප‍්‍රමාණය ඉහළ නැංවීමට කටයුතු සිදු කරමින් පවතී. කොකෝවා වගා කිරීමට සුදුසු තත්වයන් මුහුදු මට්ටමින් මීටර් 600ට පහළ මධ්‍යම, වයඹ, සබරගමු, ඌව, බස්නාහිර හා දකුණු පළාත්වල ඇත. සුදුසු පාංශු තත්වයන් ඇති විට පොල් හා රබර් සමඟ යටි වගාවක් ලෙස ද වගා කළ හැකි වැදගත්ම ශාකයක් ලෙස හැඳින්විය හැකී.

රෝපණ කටයුතු

ශෂ්‍ය විද්‍යාත්මක අවශ්‍යතා

ජලය හොඳින් බැස යන ඓන්ද්‍රීය ද්‍රව්‍ය අඩංගු ගැඹුරු, මැටි ලෝම පස කොකෝවා සඳහා වඩාත් යෝග්‍ය වේ. පසෙහි ච්‍ය අගය 5ග0 - 6ග5 දක්වා තිබිය හැකි උවද 6ග0 - 6ග5 දක්වා තිබීම ගසෙහි වර්ධනයට යෝග්‍ය වේ. කොකෝවා තෙත් සහිත ආර්ද තත්ව යටතේ හොඳින් වැඬේ. මල් හටගන්නා අවස්ථාවේ දී වායුගෝලීය තෙතමනය ඉහළ මට්ටමක තිබීම පරාගනයට හිතකර වේ. මී.මී.1160කට වඩා වැඩි, සමව පැතිරුණු වාර්ෂික වර්ෂාපතනයක් තිබීමෙන් තෙතමනය ඉහළ මට්ටමක රඳවාගත හැකිය. කෙසේ වුවද වාර්ෂික වර්ෂාපතනය මී.මී. 2750 ඉක්මවුවහොත් දිලීර රෝගවලට භාජනය වීමට ඉඩ ඇත. දෛනික සෘතුමය වෙනස්කම් වැඩි වශයෙන් නොමැති, වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙ.ගේ‍්‍ර. 24 - 27 අතර විය යුතුය. තෙතමනය අඩුවන නිසා නිතර සුළඟ අහිතකරය. එබැවින් සෙවන සහිත මිටියාවත් හා නිවර්තන බෑවුම් ද, කොකෝවා වගාව සඳහා ඉතා හිතකරයි. සෙවන අවශ්‍යතාවය ප‍්‍රදේශයේ වර්ෂාපතනය හා ආර්ද්‍රතාවය සමඟ බැඳී පවතී. පැල සිටුවන සමයේදී හා වැඞීමේ මුල් තුන් අවුරුදු සමයේදී උස් සෙවන සහිතව හිරු එළිය අවශ්‍ය වේ. (40 - 50%ක සූර්යාලෝකය*

නිර්දේශිත ප‍්‍රහේද

ප‍්‍රධාන වශයෙන් කි‍්‍රයෝලෝ, ෆොරෙස්ටරෝ, ටි‍්‍රනිටාරියෝ ලෙස කොකෝවා වර්ග 3ක් වේ. බීජ මදයේ වර්ණය අනුව මෙම වර්ග 3 ප‍්‍රධානව වෙන්වේ.

කි‍්‍රයෝලෝ -  බීජ පත‍්‍රවල පැහැය කිරිසුදු පාට වේ. අනෙක් වර්ගවලට සාපේක්‍ෂව මෙහි නිෂ්පාදනය එතරම් නොමැති වුවත් මෙම කොකෝවා ඉතා සුවඳින් හා රසයෙන් යුක්තයි.

ෆොරෙස්ටරෝ - බීජ පත‍්‍රවල පැහැය තද දම්පාට වේ. මෙම වර්ගය වෙළඳාම සඳහා වැඩිපුරම නිෂ්පාදනය වේ. හොඳ අස්වැන්නක් ලබාදෙන අතර රෝග හා පලිබෝධකයින්ට ඔරොත්තු දේ.

ටි‍්‍රනිටාරියෝ - මෙය දෙමුහුමකි. බීජ පත‍්‍රවල පැහැය සුදු පාටෙහි සිට තද දම්පාට දක්වා අතරමැදි පැහැයක් සමඟ වෙනස්වේ.

එමෙන්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය මගින් ීක්‍්6 ං ෂක්‍ී6 හා භ්32 ං ෂක්‍ීෂ ලෙස දෙමුහුන් කොකෝවා වර්ග දෙකක් ද හඳුන්වාදී ඇත.

ක්ෂේත‍්‍රයේ සිටුවීම

කොකෝවා බීජ මගින් මෙන්ම වර්ධක ප‍්‍රචාරණ ක‍්‍රම මගින් ද ප‍්‍රචාරණය කර ගත හැක. මුලිකව තවාන් යොදා සිටුවා, පොලිතීන් බෑග්වල සිටවා දැඩි කර ගත් වූ බීජ පැල මාස 4 1/2කින් පමණ ක්‍ෂේත‍්‍රයේ සිටුවිය හැක. හෙක්ටයාරයක වගාවක් සඳහා කොකෝවා පැල 1100ක් අවශ්‍ය වන අතර මී.3 ං මී.3 පරතරයට සිටුවීම නිර්දේශිතයි. එසේම පොල්, ගම්මිරිස්, කෙසෙල් හා රබර් සමඟ මිශ‍්‍ර වගාවක් ලෙස ද වගා කළ හැකී.

පොහොර යෙදීම

නිර්දේශිත පොහොර මිශ‍්‍රණය පහතින් දක්වා ඇත.
 

මිශ‍්‍රණය කොටස් අනුව බර මිශ‍්‍රණයේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ
යුරියා (46% N) 4 14 % N
රොක් පොස්පේට් (28% P2O5) 5 11% P2O5
මියුරියේට් ඔෆ් පොටෑෂ් (60% K2O) 3 14% K2O
කීසරයිට් (MgO) 1 2% MgO

රසායනික පොහොර යෙදිය යුතු ප‍්‍රමාණ පහතින් සඳහන් වේ.

වර්ෂය කන්නයකට/පැලයකට/ ග‍්‍රෑම්  කන්නයකට/හෙක්.1කට/ කි. ග‍්‍රෑ. අවුරුද්දකදී/හෙක්.1කට/ කි. ග‍්‍රෑ.
ප‍්‍රථම වර්ෂය 63  70  140
දෙවන වර්ෂය 250 278 555
තෙවන වර්ෂය හා ඉන්පසුව 350 309 777


අස්වැන්න නෙලීම

කොකෝවා ශාකය සිටුවා අවුරුදු 4කට පසුව ඵලදැරීම ආරම්භ වේ. ගෙඩිය පැසවීමට මාස 5ක් පමණ ගත වේ. තැඹිලි පැහැති හෝ කහ පැහැති හොඳින් ඉදුණු ගෙඩි පමණක් නෙලාගත යුතුය. ගෙඩි නෙලූ පසු හැකි ඉක්මනින් ලී උපකරණයකින් ගෙඩි පැලීම යෙහෙකී. තෙත සහිත බීජ ගෙන හොඳින් පැසවීම හා පදම් කිරීම කළ යුතුය. එසේ නොකළ විට ලැබෙන ආර්ථික වටිනාකම අඩුවීම සිදුවේ.

ගුණාත්මක අවශ්‍යතා

කොකෝවා බීජ ශ්‍රේණි කිරීම සඳහා සම්මත තත්වයන්

බාහිර රූපාකාරය
බීජයේ සුවරූපය මනාව වට විය යුතු අතර බීජයේ පිටත ආවරණය බුරුල්ව නොකැඞී තිබිය යුතුය. පැතලි, පැලවීමෙන් හැකිලූනු, පුස් බැඳුනු, කෘමි හානි හෝ වෙනත් පලූදු සහිත බීජ නොවිය යුතුය.

බාහිර වර්ණය
ෂ ශ්‍රේණිය - රෝස පැහැයට හුරු රතු පැහැයේ සිට දුඹුරු
ෂෂ ශ්‍රේණිය - දුඹුරු හෝ රතු පැහැයට හුරු දුඹුරු පැහැයේ සිට කළු පැහැයට හුරු දුඹුරු
ෂෂෂ ශ්‍රේණිය - දුඹුරු පැහැයේ සිට කළු පැහැයට හුරු දුඹුරු

අභ්‍යන්තර රූපාකාරය
දිගු අතට කැපූ විට ඇතුලේ මතුපිට හිදැස් සහිත හා තද චොක්ලට් දුඹුරු (ෆොරෙස්ටරෝ වර්ගය* හෝ කුරුඳුවල දුඹුරු (කි‍්‍රයලෝ වර්ගය* පැහැය ගනී.

වයනය
බීජ පත‍්‍ර ඇදෙන සුළු නොවිය යුතුය. ඒවා පහසුවෙන් බිදෙන සුළු විය යුතුය.
බීජයේ ප‍්‍රමාණය

ෂ වන ශ්‍රේණියේ 1ක් කිලෝග‍්‍රෑමයකට අඩංගු වියලි බීජ ගණන 990කට වඩා වැඩි නොවිය යුතුය.
 

ශ්‍රේණිය පුස් බැඳුනු බීජ  පැතලි බීජ පලූදු සහිත බීජ අපද්‍රව්‍ය තෙතමන ප‍්‍රතිශතය

(තිබිය හැකි උපරිම අගය)

 ෂ ශ්‍රේණිය 4 3 3 0ග5 7ග5
ෂෂ ශ්‍රේණිය 5 8 5 0ග5 7ග5
ෂෂෂ ශ්‍රේණිය 12 10 10 0ග5 7ග5
කාල වර්ණ       1 7ග5
සම්පූර්ණනොවූ (ගාබ්ලින්ස්)       1 7ග5
කැබලි (ලොකු හෝකුඩා)       2 7ග5

 ඊ ෆියුශන් නිමවුමක්‌ 2007/2008

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරනය ICTA