අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
සාදික්කා

හැඳින්වීම

උද්. විද්‍යා. නාමය (Myristica Fragrans) (මිරිස්ටිකා ෆේ‍්‍රග්රන්ස්)

කුලය - මිරිස්ටිකේසියේ (Myristicaceae)


රෝපණ කටයුතු


සාදික්කා (මිරිස්ටිකා ෆේ‍්‍රග්රන්ස්) නැගෙනහිර ඉන්දුනිසියාවේ මොලූකාස්හී බිහිවී ඇති අතර දහ නව වැනි සියවස මුල් භාගයේ දී ශ්‍රී ලංකාවට හඳුන්වාදී ඇති බවට වාර්තාවේ. එය මීටර් 15 - 20ක් පමණ උසකට විහිදී යන සදාහරිත ශාකයකි. එහි කොළ ඒකාන්තර තද කොළ පැහැයෙන් යුක්තය. මල් සාමාන්‍යයෙන් ඒක ලිංගික වන අතර ද්වීගෘහී වේ. කෙසේ වෙතත් විවිධ ලිංගික සංයුති වලින් යුත් ද්වීලිංගික මල් ද හමුවේ. වගාවේ අතරින් පතර පුරුෂ සහ ස්තී‍්‍ර මල්වලින් යුත් ගස් ද දැකිය හැකිය. ගෙඩි මසින් පිරුණු අෂ්ඨිල ඵල වන අතර පහළට එල්ලී ඇත. ගෙඩිය වටා දිශාංශව විහිදෙන දාරයන් වේ. ඉදුනු විට ගෙඩිය කහ පැහැවී, දෙකට මැදින් පිපිරී දම් මිශ‍්‍ර දුඹුරු පැහැයෙන් යුක්තවූ, රතු පාට දැලක් වැනි වසාවාසියෙන් වැසී ඇති දිළිසෙන ඇටය පෙනෙන පරිදි විවෘත්ත වේ.

සාදික්කා ගසෙන් කුළුබඩු නිෂ්පාදන දෙකක් ලබාගත හැකී. එනම් සාදික්කා ඇටයේ මදය හා ඇටයේ පිට පොත්ත වසා ඇති දැලක් සේ පෙනුමැති තරමක් ඇදෙන සුළු රතු පැහැති වැස්ම වන (බීජ කවචය) වසාවාසියි.

සාදික්කා හා වසාවාසී නිපදවන්නාවූ ප‍්‍රධාන රටවල් නම් ඉන්දුනීසියාව, ග්‍රෙනඩා, ශ්‍රී ලංකාව, ටි‍්‍රනිඩෑඞ්, චීනය හා ඉන්දියාව වේ. මේ කුළුබඩු දෙකෙහිම ලෝක වෙළදාම මෙ. ටො. 8,000 - 10,000ක් අතර වේ.

ශෂ්‍ය විද්‍යාත්මක අවශ්‍යතා
ගැඹුරු ආම්ලික, හොඳින් දිය බැස යන, මැටි පස සහ ඓන්ද්‍රීය ද්‍රව්‍ය බහුලව අඩංගු, වැලි මිශ‍්‍ර මැටි පස යෝග්‍යය. වැඩි ජල මට්ටමකින් යුත් පස් හෝ වගුරු බිම් සහිත පස් මීට කිසිසේත්ම නුසුදුසුය.
හොඳින් පැතිර පවත්නා මී.මී. 1,500 - 2,500ක් දක්වා වර්ෂාපතනය ප‍්‍රමාණවත් වේ. තද ඉඩෝරය පවතින ප‍්‍රදේශවල හෝ වැලි සහිත භූමි ප‍්‍රදේශවල වාර්ෂික වර්ෂාපතනය ඊට වැඩි විය යුතුය. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 200ක්‍ - 300ක්‍ අතර තිබිය යුතුයි. අඛණ්ඩව පවතින තද සුළඟ අහිතකරයි. ආවරණ සහිත බෑවුම් හා සුළං මුවාවේ ඇති බෑවුම් සාදික්කා වැවීමට ඉතා යෝග්‍යය. පළමු අවුරුදු 2 - 3 තුළ ආවරණය අවශ්‍යයි. ඉන්පසු සම්පූර්ණයෙන්ම හිරු එළිය ලැබීමට ඉඩ හැරීම ප‍්‍රයෝජනවත් වේ.

නිර්දේශිත ප‍්‍රහේද

ශ්‍රී ලංකාව තුල පැහැදිලිව හඳුනාගත් සාදික්කා ප‍්‍රභේද නොමැති අතර ප‍්‍රරෝහණය සඳහා සාමාන්‍යයෙන් බීජ යොදා ගනී. මේ සඳහා වාරානුකූලව ඵල දැරීම සිදු වන, වැඩි ඵලදාවක් දෙන, ලොකු ගෙඩි හා ඝණ වසාවාසි ඇති මව් ශාක වලින් බීජ තෝරාගත යුතුය. දින 8 - 10ක් ගත වීමේදී ප‍්‍රරෝහණ ශක්තිය නැතිවී යන බැවින් හැකි තරම් ඉක්මනින් බීජ සිටුවිය යුතුය.

ක්ෂේත‍්‍රයේ සිටුවීම
වර්ෂා කාලයේ ආරම්භයත් සමඟ පැල සිටුවිය යුතුය. සාදික්කා ශාකයේ පිරිමි හා ගැහැණු ගස් වෙනවෙනම දක්නට ඇත. එහෙත් ඒබ ව හැඳිනගත හැක්කේ මල් පිපීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් බීජ පැල 50% ක් පමණ පිරිමි පැල වේ.
එම නිසා මුලදී ගස් අතර පරතරය මීටර් 6 x මීටර් 6 ලෙස තබා සිටුවා, මල් පිපිමෙන් පසු පිරිමි ගැහැණු ගස් පිළිවෙළින් 1:10 අනුපාතයට සිටිනසේ අඩු කර දැමිය යුතුයි.

පොහොර යෙදීම
සාදික්කා සඳහා පහත පොහොර මිශ‍්‍රණය නිර්දේශ කර ඇත.
මිශ‍්‍රණය කොටස් අනුව බර මිශ‍්‍රණයේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ
යුරියා(46% N) 2 13% N
රොක් පොස්පේට්(28% P2O5) 2 8% P2O5
මියුරියේට් ඔෆ් පොටෑෂ් (60% K2O) 3 25% K2O
කීසරයිට්(24% MgO) 1/3 1% MgO

රසායනික පොහොර යෙදිය යුතු ප‍්‍රමාණය (පැලයකට/වර්ෂයකට/ග‍්‍රෑම්)

වර්ෂය

ප‍්‍රමාණය

ප‍්‍රථම වර්ෂය

250

දෙවන වර්ෂය

500

තෙවන වර්ෂය

750

සිව්වන වර්ෂය

1000

පස්වන වර්ෂය

1250

සයවන වර්ෂය

1500

සත්වන වර්ෂය

1750

අටවන වර්ෂය

2000

නවවන වර්ෂය

2250

දසවන වර්ෂය හා ඉන්පසුව

2500

මුල් වර්ෂයේදී කොටස් 4කින් මෙම පොහොර යෙදිය යුතුය. (යල හා මහ කන්න වලට පෙර හා පසුව) ඉන් පසුව මහ හා යල වැසි ආරම්භයත් සමඟ දෙවර බැගින් යෙදිය හැක. ඉහත සඳහන් පොහොර මිශ‍්‍රණය වෙනුවට වෙළඳ පොලේ විකිණීමට ඇති පොල් පොහොර මිශ‍්‍රණය යෙදිය හැක. පැලයකට යොදන ප‍්‍රමාණය මිශ‍්‍රණ දෙකේම එක සමානය.

අස්වැන්න නෙලීම හා සැකසීම
ගෙඩි පැලූන වහාම හෝ පැලීමට ආසන්නවූ විට ගෙඩි අතින් කඩාගනු ලැබේ. ගෙඩිය අතින් දෙකට වෙන් කිරීම හෝ ඒවා නිකම්ම විවෘත වීම සඳහා එකට ගොඩගසා තැබීමද සිදු කෙරේ. කුඩා උල් පිහියකින් වසා වාසිය ඇටයට හයිවී ඇති තැනින් කපා වසාවාසි ඉවත් කරනු ලැබේ. කටුව ඇතුලේ මදය සට සට ගා සෙලවෙන තුරු ගෙඩිය වේලෙනු ලැබේ. වසාවාසි අතින් තද කර තැඹිලි පැහැයක් වැටී, ඉතා තද සුවඳක් ලැබෙනතුරු මදින් මද අව්වේ වේලාගනු ලැබේ.

ගුණාත්මක අවශ්‍යතා
සාදික්කා සඳහා ශ්‍රී ලංකාවේ සම්මත පිරිවිතර

I වර්ගය
කටු නොගැලවු ඇට

II වර්ගය
කටු නොගැලවු ඇට

II ශ්‍රේණිය FAQ BWP II ශ්‍රේණිය

FAQ

BWP
කි.ග‍්‍රෑ. 1කට ගණන (උපරිම)

160

161-225

-

220

221-275

සට සට ගා සෙළවෙන ඇට % (අවම)

90

75

-

අ.නොවේ

අභ්‍යන්තර පුස් % (උපරිම)

10

10

-

10

10

කෘමි සතුන්ගෙන් ඇතුළ හානිවූ % (උපරිම)

10

10

-

10

10

බාහිර පුස් හා කෘමීන්ගෙන් හානි වූ බීජ සම්.තොර සම්.තොර සම්.තොර සම්.තොර සම්.තොර සම්.තොර
කුණු රොඩු % (උපරිම)

1

1

-

1

1

-

සාදික්කා ඇටයේ කටු සහ දුවිලි % (උපරිම)

0

0

2

0

0

2

අ.නොවේ - අදාල නොවේ FAQ - සාමාන්‍යයෙන් හොඳ වර්ග
සම්.තොර - සම්පූර්ණයෙන්ම තොර විය යුතුයි. BWP - කැඩුණු, පණුවන් සහිත, කුණු රොඩු

වසාවාසි සඳහා ශ්‍රී ලංකාවේ සම්මත පිරිවිතර

I ශ්‍රේණිය

සම්පූර්ණ වසාවාසියෙන් 1/4කට අඩු කැබලි 5%කට වඩා නොමැති හොඳින් වේලූනු වසාවාසි

II ශ්‍රේණිය

මනාව වේලූනු කෑලි සහිත වසාවසි

පුස් වර්ග සහ කෘමීන්

තොග වශයෙන් ගත්විට ශ්‍රේණි දෙකේම 3%ට වඩා නොතිබිය යුතුය.

කුණු රොඩු

තොග වශයෙන් ගත්විට ශ්‍රේණි දෙකේම 1%ට වඩා නොතිබිය යුතුය.


 ඊ ෆියුශන් නිමවුමක්‌ 2007/2008

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරනය ICTA