අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
ගම්මිරිස්
හැඳින්වීම

උද්. විද්‍යා. නාමය - ඡුසචැර බසටරමප (Piper nigrum)
කුලය - පයිපරේසියේ : (Piperaceae)

වශයෙන් හඳුන්වනු ලබන ගම්මිරිස් මිනිසා භාවිතයට ගත් මුල්ම කුළුබඩු වර්ගයක් වන අතර ජාත්‍යන්තර කුළුබඩු වෙළඳාමේ ප‍්‍රධාන ස්ථානයක් අත්පත් කර ගෙන ඇත. එසේම ලෝකයේ ප‍්‍රධාන වශයෙන් ප‍්‍රයෝජනයට ගන්නා කුළුබඩු වර්ගය ද ගම්මිරිස් වේ. වානිජව කළු ගම්මිරිස් ලෙස හඳුන්වනු ලබන්නේ උද්භීද විද්‍යාත්මකව පයිපර් නිග‍්‍රම් ලෙස හඳුන්වනු ලබන බහු වාර්ෂික සදාහරිත කාශඨීය වැලෙහි හටගන්නා හොඳින් මේරු කුඩා බීජ නෙලා වියලාගත් විටයි. ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 32 800ක පමණ වපසරියක ගම්මිරිස් වගා කර ඇති අතර බහුලව මාතලේ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල හා නුවරඑළිය දිස්ති‍්‍රක්කවල ව්‍යාප්තවී ඇත. සජීවී හෝ අජීවී ආධාරක උපයෝගී කර ගනිමින් ගම්මිරිස් තනි වගාවක් වශයෙන් හෝ පොල් හා තේ සමඟ මිශ‍්‍ර වගාවක් වශයෙන් ද වගා කළ හැකී. ගෙවතු වගාව සඳහා ඉතා සුදුසු බෝගයක් වන ගම්මිරිස් ගෙවතු ආශ‍්‍රතව ඇති ගස් වර්ග වලට පහසුවෙන් පුහුණු කළ හැක.


රෝපණ කටයුතු

ශෂ්‍ය විද්‍යාත්මක අවශ්‍යතා

වාර්ෂිකව මි.මී. 1750කට නො අඩු වාර්ෂාපතනයක් ලැබෙන මුහුදු මට්ටමේ සිට මීටර් 1000ක් පමණ උස ප‍්‍රදේශයක් දක්වා ගම්මිරිස් වගා කළ හැකිය. ජලය සැපයීමේ පහසුකම් ඇත්නම් මිස දිගු කලක් නියඟය පවතින ප‍්‍රදේශ මගහැරිය යුතුය. එසේම හොඳ අස්වැන්නක් ලබාගැනීම සඳහා පරාගනය වැදගත් බැවින් මල් හට ගන්නා කාලය තුලදී ප‍්‍රමාණවත් තරම් වර්ෂාපතනයක් තිබීම අවශ්‍ය වේ. මෙය තෙත් නිවර්තන බෝගයක් හෙයින් දෛනික උෂ්ණත්වයේ වෙනස්වීම් ඉතා අඩු පළාත් වල වඩා හොඳින් වැවේ. කෙසේ වෙතත් අවම වශයෙන් සෙ.ගේ‍්‍ර. 10ක හා උපරිම වශයෙන් සෙ.ගේ‍්‍ර.40ක උෂ්ණත්වයක් දරා ගැනීමේ හැකියාව මෙම බෝගයට ඇත. නොකඩවා පවතින තද සුළඟ අහිතකරයි. එම නිසා මැදරට හා කඳුරට ආවරණයවු නිම්න හා සුළං මුවාවේ පිහිටි බෑවුම් ගම්මිරිස් වගාව සඳහා ඉතා යෝග්‍ය පෙදෙස් වේ. මනසේ ජලය බැස යන්නාවූ ඓන්ද්‍රීය ද්‍රව්‍ය බහුලව ඇති සෙ.මී.60ක් පමණ ගැඹුරුති තරමක් ආම්ලික (පී.එච්. 5.5 - 6.5* පසෙහි ගම්මිරිස් ඉතා හොඳින් වැඬේ. ඓන්ද්‍රීය ප‍්‍රමාණය අඩුනම් සත්ව පොහොර කොළ පොහොර ආදිය යෙදීමෙන් එහි තත්වය නගා සිටුවිය යුතුය.

නිර්දේශිත ප‍්‍රහේද
ඉහළ අස්වැන්න, හොඳ සැරගතිය, හොඳින් පිරුණ ගෙඩි, නොකඩවා ඵල දැරීම සහ රෝග පළිබෝධ වලට ඔරොත්තුදීමේ හැකියාව යන සාධක උඩ වර්ග 10ක් දැනට තොරාගෙන ඇති අතර මෙම වර්ග ගොවීන්ට නිකුත් කිරීම සඳහා විශාල වශයෙන් ප‍්‍රචාරණය කිරීම දෙපාර්තමේන්තු මගින් සිදු කරයි.
දේශීය වරණ වලට අමතරව ශ්‍රී ලංකාවට හඳුන්වාදී ඇති ඉන්දියාවේ පැනියූර් - 1 සහ මලයාසියාවේ කුචිං යන නිර්දේශිත වර්ග දෙකද දේශීය වරණ සමඟ වගා කිරීම ආර්ථික වශයෙන් වඩාත් ඵලදායී බව සොයාගෙන ඇත
.
ක්ෂේත‍්‍රයේ සිටුවීම
ගම්මිරිස් මී. 2.5 ං 2.5 පරතර වලින් (හෙක්ටයාරයකට පැල 1700* ක්ෂේත‍්‍රයේ සිටුවා ගත යුතුයි. පැල සිටුවීමට ගම්මිරිස් වැල් දිවීම සඳහා සලකුණු කළ ස්ථානවල ආධාරක ස්ථාපනය කළ යුතුයි. ආධාරක ලෙස බහුලව ග්ලිරිසිඩියා යොදා ගනී. මෙම ආධාරක මී. 3 - 3.5ත් අතර උසකින් පවත්වා ගත යුතුයි.

මිශ‍්‍ර වගාව
පොල් හා තේ සමඟ මිශ‍්‍රව ද ගෙවතුවල වෙනත් බෝග වර්ග සමඟ ද ගම්මිරිස් වගා කළ හැකිය. පොල් වගාවේදී සෑම පොල් ගස් පේළි දෙකක් අතර ති‍්‍රකෝණාකාර සැලැස්මකට මී. 2.5ක පරතර ඇතිව ගම්මිරිස් පැළ සිටුවීම කළ හැකි. තේ වගාවේ සෙවන ශාකවලට ගම්මිරිස් වැල් පුහුණ කර ගත හැකී. එසේම ගෙවතුවල වැඩෙන ගස් වර්ග බොහොමයක් ගම්මිරිස් වගා කිරීමට ආධාරක වශයෙන් යොදා ගත හැකී.

නඩත්තු කිරීම
ප‍්‍රාථමික අතු 3 - 4ක් සහිතව සිලින්ඩරාකාර හැඩයකට ආධාරකය දිගේ වැල වර්ධනය වෙමින් හරස් අතු රාශියක් ඇතිකර ගැනීම මුල සිටම අවශ්‍ය වේ. පැලවල වර්ධනයේ මුලික අවධියේ සිටම සෑම ගැටයකින්ම ආධාරකයට ස්පර්ශ වනසේ බැඳිය යුතුයි. ග්ලිරිසිඩියා ආධාරක මී. 3 - 3.5ක උසකින් කප්පාදු කර ගත යුතුයි.

පොහොර යෙදීම
හොඳ බෝග ස්ථාපනයක් හා වැඩි අස්වැන්නක් තහවරු කිරීම සඳහා ගම්මිරිස් වැල් සිටුවීමේ තැන් පටන් ප‍්‍රමාණවත් ලෙස පොහොර යෙදීම ඉතා වැදගත්ය. මේ සඳහා පහත පොහොර මිශ‍්‍රණය යෙදීම නිර්දේශ කර ඇත.

මිශ‍්‍රණය කොටස් අනුව බර මිශ‍්‍රණයේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ
යුරියා(46% N) 4 14 % N
රොක් පොස්පේට් (28% P2O5) 5 11 % P2O5
මියුරියේට් ඔෆ් පොටෑෂ් (60% K2O) 3 14 % K2O
කීසරයිට් (24% MgO) 1 2% MgO

රසායනික පොහොර යෙදිය යුතු ප‍්‍රමාණය (පැලයකට/ග‍්‍රෑම්)

වර්ෂය පළමු මෝසම් වර්ෂාව ආරම්භයේදී දෙවන මෝසම් වර්ෂාව ආරම්භයේදී
ප‍්‍රථම වර්ෂය (පැල සිටුවා මාස 6කට පසු 250 250
දෙවන වර්ෂය 500 500
තෙවන වර්ෂය හා ඉන්පසුව 250 700 700

ග්ලිරිසිඩියා කොළ හා ලපටි පත‍්‍ර වර්ෂයකට කි.ග‍්‍රෑ. 10 - 15 වැල වටා යොදන්නේ නම් යෙදිය යුතු පොහොර ප‍්‍රමාණය 50%කින් අඩු කර ගත හැකියි.

අස්වැන්න නෙලීම
ගම්මිරිස් වගා කරන වෙනත් රටවල මෙන් නොව ශ්‍රී ලංකාවේ විශාල ප‍්‍රදේශයකට යල සහ මහ කන්න දෙකටම වර්ෂාව ලැබෙන නිසා වසරකට දෙවරක් ගම්මිරිස් වැලෙහි මල් හට ගනී.
විවිධ ගම්මිරිස් නිෂ්පාදන අතර වෙළඳපොළ සඳහා සකස් කරන ප‍්‍රධාන නිෂ්පාදන දෙකක් වේ.
හොඳින් මේරු එහෙත් නොඉදුණු ගෙඩිවලින් සකසා ගන්නා ගම්මිරිස්, කළු ගම්මිරිස් ලෙසද, ප‍්‍රධාන වශයෙන් ඉදුනු ගෙඩිවලින් සකසා ගන්නා ගම්මිරිස්, සුදු ගම්මිරිස් ලෙසද නිෂ්පාදනය කිරීම සිදු වේ.

ගුණාත්මක අවශ්‍යතා
කළු ගම්මිරිස්, විශේෂ 1 ශ්‍රේණිය, 1 ශ්‍රේණිය, සාමාන්‍ය ශ්‍රේණිය හා සැහැල්ලූ බීජ ලෙෂ ශ්‍රේණි ගත කරයි. 80%ක මධ්‍යසාර ද්‍රවණයක පාවෙන බීජ සැහැල්ලූ බීජ ලෙස වෙන් කර ගනී.

කළු ගම්මිරිස් සඳහා වන සම්මත ප‍්‍රමිතීන්

වර්ණය කළු හෝ දුඹුරු පැහැය
පෙනුම මතුපිට රුලි සහිත
පිරිසුදුකම පණ ඇති හෝ නැති කෘමීන්, ක්ෂීරපායී මල, පුස්, ශාක අපද්‍රව්‍ය, ගල්වැලි වලින් තොරවීම.
පුස් සහිත ඇට ප‍්‍රතිශතය - විශේෂ 1 ශ්‍රේණිය හා 1 ශ්‍රේණිය සඳහා 1%ක උපරිම ප‍්‍රතිශතයක්,
සාමාන්‍ය ශ්‍රේණිය සඳහා 2%ක ප‍්‍රතිශතයක්
වෙනත් අපද්‍රව්‍ය ප‍්‍රතිශතය - විශේෂ 1 ශ්‍රේණිය හා 1 ශ්‍රේණිය සඳහා 1%ක උපරිම ප‍්‍රතිශතයක්,
සාමාන්‍ය ශ්‍රේණිය සඳහා 2%ක ප‍්‍රතිශතයක්
සැහැල්ලූ ඇට ප‍්‍රතිශතය විශේෂ 1 ශ්‍රේණිය සඳහා 2%ක ප‍්‍රතිශතයක්
1 ශ්‍රේණිය සඳහා 4%ක ප‍්‍රතිශතයක්
සාමාන්‍ය ශ්‍රේණිය සඳහා 10%ක ප‍්‍රතිශතයක්
තෙතමන ප‍්‍රතිශතය විශේෂ 1 ශ්‍රේණිය සඳහා 12%ක උපරිම ප‍්‍රතිශතයක්,
1 ශ්‍රේණිය හා සාමාන්‍ය ශ්‍රේණිය සඳහා 14%ක ප‍්‍රතිශතයක්

 ඊ ෆියුශන් නිමවුමක්‌ 2007/2008

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරනය ICTA