අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
වැනිලා
හැඳින්වීම
 
උද්. විද්‍යා. නාමය - Vanilla fragrans, Vanilla planifolia
 
කුලය - ඔකිඬේසියේ (Orchidaceae)
 
මෙක්සිකොවට ආවේණිකවූ මල් හටගන්නා ඔකිඞ් විශේෂයක් ලෙස වැනිලා බෝගය හැඳින්විය හැකී. මෙක්සිකාවට ආවේණික උවද වර්ථමානයේ නිවර්තන කලාපීය රටවල් බොහොමයකම වැනිලා වගාව සිදු කෙරේ. මැඩගස්කරය හා තහිටිය ලෝකයේ විශාලතම නිෂ්පාදකයා වේ. වැනිලා මලේ කිසිදු සුවඳක් නොමැත. අස්වැන්න නෙලන අවධියේදී වැනිලා කරල් කොළ පැහැයක් ගන්නා අතර රසයක් හෝ සුවඳක් නොමැත. මාස කිහිපයක් වියලීම, පැසවීම, හා පදම් කිරීම තුලින් කළු පැහැයට හුරු තද දුඹුරු පැහැයක් ඇති, විශේෂ ආවේණික සුවඳක් ඇති  වැනිලා සකස් කරගනී.  මෙම සත්‍ය වැනිලා නිෂ්පාදනය සඳහා වැනිලා අතින් පිරිසැකසුම කළ යුතුය. එම නිසා සත්‍ය වැනිලා, මිලෙන් අධික වේ. වැනිලා මගින් ලබාගන්නා තෙල් වැනිලීන් හෝ වැනිලා නිස්සාරක ලෙස අලෙවි කෙරේ. වැනිලා කුඩු වශයෙන්ද අලෙවි කරයි. මෙය බොහෝ ආහාර පිළියෙළකර ගැනීමේදී ද භාවිතා කරයි. 
 
රෝපණ කටයුතු
ශෂ්‍ය විද්‍යාත්මක අවශ්‍යතා

මුහුදු මට්ටමේ සිට මීටර් 3000ක උසක් දක්වා භූමියේ වැනිලා වගා කළ හැකි. නිරන්තර වර්ෂාව පවතින සෙන්ටිගේ‍්‍රඞ් අංශක 210 සිට 320 දක්වා උෂ්ණත්වයක් උචිත වේ. වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2000 - 2500 අතර ප‍්‍රමාණයක් සුදුසුය. මද සෙවන සහිත හොඳින් ජලය ගලාගෙන යන භූමියක වැනිලා ඉතා හොඳින් වගා කළ හැකි.
 
ක්ෂේත‍්‍රයේ සිටුවීම
 
වැල් කැබලි පැල කිරීමේන් වැනිලා වගා කළ හැකි. වැල් කෑල්ලක දිග අඩි 3ත් 9ත් අතර විය යුතුය. කැපුම ලඟින් කොළ 3ක් පමණ ඉවත් කර රිකිලි හොඳින් සෙවන සහිත සිසිල් ස්ථානයක දින 5ක් 6ක් අතර කාලයක් තැබිය යුතුයි. වැනිලා ආකාෂ්ඨීය වැලක් වන බැවින් වර්ධනය සඳහා ආධාරක අවශ්‍ය වේ. වැනිලා පැල කිරීමට මාස 06කට පමණ පෙර සිට ආධාරක සිටුවිය යුතුයි. එම පැල අතර පරතරය අඩි 8 ං අඩි 5 අතර විය යුතුය. අධික වැසි හෝ තද වියළි කාල මඟහැර වැනිලා සිටුවීම සිදු කළ යුතුයි. සෑම ආධාරකයකටම එක් වැනිලා වැලක් ලෙස වැනිලා වැල් කැබලි සිටුවා වැල් සුමට ලෙස ආධාරකයට බැඳ තැබිය යුතුය. මෙහිදී වැනිලා වැල කුණුවීයෑම වැලැක්වීම සඳහා වැලේ පහල කොටස පසට යට නොවනසේ තැබිය යුතුය. වැනිලා පොල් හෝ වෙනත් බහු වාර්ෂික බෝග සමඟ ද අතුරු බෝගයක් ලෙස ද වගා කළ හැකී.
 
මල් හටගැනීම හා පුහුණු කිරීම
 
වැනිලා වැල අඩි 5ක් පමණ උසට වැඞීමට ඉඩ හැර ඉන්පසු එම වැල නැවතත් ආධාරකය දිගේ පහළට පුහුණු කිරීම කළ යුතුය. මෙලෙස වැනිලා වැල නැවත නැවත පුහුණු ආධාරකය වටා පුහුණු කර ගත යුතුයි. වැල ඉහලට පමණක් වර්ධනය වන විට අඩුවෙන් මල් හටගන්නා බැවින් හොඳින් මල් හටගැනීම සඳහා වැල් පහළට පුහුණු කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. වැනිලා සිටුවා වසර 3කින් පමණ මල් හටගනීම සිදු වේ. මල් පරාගනය අතින් සිදු කළ යුතුය. පරාගනය සඳහා සුදුසුම කාලය වනුයේ පෙ.ව. 7 සිට 11 දක්වායි.
 
අස්වැන්න නෙලීම
 
නොමේරූ කරල් කොළ පැහැයක් ගනී. කරල් හොඳින් වර්ධනයවන වූ විට කරලේ අග කහ පැහැයකට හැරීම ආරම්භ වේ. මෙසේ කරල් කහ පැහැ වන විට, අස්වැන්න නෙලීම සඳහා සුදුසුම කාලයයි. මෙම වැනිලා කරල් වියලීම, පැසීම හා පදම් කිරීම යන සංකීර්ණ කි‍්‍රයාවලි අවසානයේ වැනිලීන් යන අවසන් නිෂ්පාදිතය ලබාගනී.
 
ගුණාත්මක අවශ්‍යතා
 
සුවඳ /රස           - ආවේණික වැනිලා සුවඳ හා රස
සාමාන්‍ය පෙනුම    - පැහැය තද දුඹුරු පැහැයයේ සිට කළු පැහැය දක්වා වේ.පෙනුම තෙල් සහිත ස්වභාවයක් ගනී.
                      පලූදු වලින් තොර වීම.
නම්‍යතාවය          - නම්‍යශීලීවීම
දිග                  - අඟල් 8ක් හෝ ඊට වැඩි
වැනිලීන් ප‍්‍රමාණය   - 2.25% සිට 1% අතර
තෙතමනය          - 30 - 40% අතර
මෙම ගුණාංග අවසාන භාවිතය හා පාරිභෝගික අවශ්‍යතාවය අනුව වෙනස්වේ. 


 ඊ ෆියුශන් නිමවුමක්‌ 2007/2008

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරනය ICTA