අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කුරුඳු

කුරුඳු විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ හා විවිධ පාංශු තත්ත්වයන් යටතේ වැවෙන දැඩි ගතියකින් යුතු ශාකයකි. ශ්‍රී ලංකාවේ මෙය වගා කරනුයේ වියළි හා තෙත් කලාපවල වන අතර විවිධ පාංශු තත්ත්වයන් යටතේ වැවේ. විශේෂයෙන් ගාල්ල, මාතර, කළුතර, සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වල මෙය වැඩි වශයෙන් වැවේ. 250c - 300c අදාළ උෂ්ණත්ව පරාසයන් තුළ කුරුඳු සාරවත් ලෙස වැවේ. මි.මී.1.875 - මි.මී.3.750 වර්ෂාපතනයක් ද අවශ්‍ය වේ.

පහත රට වියළි ප්‍රදේශවල කරුඳු වැවෙන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 300-350ක් උසින් වැවේ.

ඉන්දියාව, බුරුමය හා මැලේසියාව වැනි අර්ධද්වීප වල වැවේ. ශ්‍රී ලංකවේ වැඩි වශයෙන් හොඳ තත්ත්වයේ ඇති නිෂ්පාදනයකි කුරුඳු පට්ටය' කුරුඳු වියළි පට්ටයට සිනමන් වේරම් යයි කියයි' කුරුඳු පට්ටය වාෂ්පවල තෙල් පෙරීමෙන් ලබා ගත හැක. මෙය භාවිතා වන්නේ සුවඳ ද්‍රව්‍ය, සුවඳ කෑම, සෝස්, අච්චාරු, හා රසකැවිලි වර්ග, රසවත් පානයක් වන කොකා-කෝලා හා සමහර දන්තාලේප හා ඖෂධ සැකසිමටය. කුරුඳු කොළ, වාෂ්පවලින් පෙරීමෙන් තෙල් ලබා ගත හැක.

ශ්‍රී ලංකා කුරුඳුවලට හොඳ පිළිගැනීමක් තිබෙන අතර ලෝක සංවිධානයෙන් (W®) එහි නිෂ්පාදනයන්ට ජාත්‍යන්තර සම්මානද ලැබී ඇත. සුවඳ ද්‍රව්‍ය හා අදාළ නිෂ්පාදන වලට 2007 ජනවාරි වල බලපෑ ප්‍රධානම කරුණ ලෙස HS (Code) පිළිගත හැකි බව එහි නිෂ්පාදන හා වාණිජ සංගමය පවසයි. මෙම සුවඳ ද්‍රව්‍ය විදේශ විනිමය උපයන අංශයේ විශේෂ ස්ථානයක් ගනී.

කුරුඳු විස්තරය

2002 වර්ෂයේ කෘෂිකර්ම සංගණන EAC වාර්තාව අනුව මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 84.125 වේ. කුරුඳු වගාව සඳහා හෙක්ටයාර් 27.425 කි. එය 32.6% වේ. පසුගිය දශක දෙක හා සංසන්දනය කිරීමේදී පෙන්නුම් කර ඇත්තේ සැලකිය යුතු වර්ධනයකි. හෙක්ටයාර් 21.000 ත් 1982. වර්ෂයේ කෘෂිකර්ම සංගණනය ලිඛිතව සටහන් කර ඇත. තවද, 1993 වර්ෂයේ කෘෂි වගාව හා පශු සම්පත් සංගණන වාර්තාව අනුව හෙක්ටයාර් 24.678 ක් වාර්තා වී ඇත. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වල කෘෂි වගාව ව්‍යාප්ත කර ඇති අතර, හෙක්ටයාර් 23.400 පමණ අප රටේ (6.9%) කුරුඳු වගාව ව්‍යාප්ත වී ඇති බව පෙන්නුම් කරයි.

නිෂ්පාදන

කුරුඳු නිෂ්පාදන තක්සේරු වාර්තා - 2002 - 2006.

මූල ( DEA)

2006 වසරේ හෙක්ටයාර් 28.230 ක් දිවයිනේ ව්‍යාප්ත කර ඇත. කුරුඳු නිෂ්පාදනය හෙක්ටයාර් 26.820 ක් වේ. 2006 වසරේ මුළු නිෂ්පාදනයේ අපනයනය සහ ගෘහස්ත භාවිතය සඳහා මෙ.ටො.15,000 වේ. ඒ අනුව හෙක්ටයාරයකට කි.ග්‍රෑ.560 ක සාමාන්‍ය අස්වැන්නක් ඇස්තමේන්තු කර ඇත.

 ඊ ෆියුශන් නිමවුමක්‌ 2007/2008

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරනය ICTA