අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
ගම්මිරිස්
බටහිර ඉන්දියාව නිජබිම කොටගත් ගම්මිරිස්, ලෝකයේ පැරණිතම සහ වැඩියෙන්ම භාවිතා වන කුළුබඩු වර්ගයකි. මෙය ලංකාවේ වැවෙන වැදගත්ම කුළුබඩු වර්ගය ද වේ. ගම්මිරිස් වර්ග දෙවර්ගයකි. එනම් කළු සහ සුදු ගම්මිරිස් යනු ය. කළු ගම්මිරිස් සෘජුවම කුළු බඩු වශයෙන්, ව්‍යුත්පන්න සැකසීමේදී ගම්මිරිස් තෙල් සැකසීමට භාවිතා කරයි. සුදු ගම්මිරිස් සෘජුවම කුළුබඩු වශයෙන් පමණක් භාවිතා කෙරෙයි.
 

ශ්‍රි ලංකාවේ, මුහුදු මට්ටමෙන් මීටර් 1000 ක උසින් පිහිටි ප්‍රදේයන්හි ඉතා සාර්ථක ලෙස ගම්මිරිස් වැවෙයි. මධ්‍යම කඳුකර පළාත්වල ද උතුර, වයඹ දිග, බටහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ද සාර්ථකව වැවේ. ගම්මිරිස් වගාවට සුදුසු පස වශයෙන් ලෝම පස හා කාබනික පස සැලකේ. වාර්ෂිකව (1600mm – 2500mm) වර්ෂා පතනයක්ද සෙන්ටිග්‍රේඩ් අංශක 24C - 29C ක උෂ්ණත්වයක් ද ගම්මිරිස් වගාව සඳහා අවශ්‍ය වේ. 

නිෂ්පාදනය
ගමිමිරිස් නිෂ්පාදන තක්ෂේරු වාර්තා - 2002 - 2006

වර්ෂය

නිෂ්පාදනය (මෙ.ටො.) 

2002 13,730
2003 13,740
2004 10,985
2005 14,270
2006 14,330

ගම්මිරිස් අපනයනය

වර්ෂය

අපනයනය
ප්‍රමාණය (මෙ.ටො) අගය (රු.මිලියන)
1973 – 1982 ( Mean ) 928.2 23.2
1983 – 1992 ( Mean ) 1,759.8 150.9
1993 – 2002 ( Mean ) 4,431.6 884.5
2003 7,740.4 1,233.3
2004 4,853.1 934.0
2005 8,129.8 1,227.2
2006 8,190.2 1,774.2
 මූල :  ශ්‍රී ලංකා රේගුව



ගම්මිරිස් අපනයන නැඹුරුතාව -1990-2006

ඉහත වගුව අනුව අපනයන ව්‍යාපාරයේ වර්ධනයක් 1990-2006 වසරවල පෙන්නුම් කරයි. 


ක්‍රියාවලිය සහ නිෂ්පාදන සංවර්ධනය 
ශ්‍රි ලංකාවේ මූලික නිෂ්පාදන ක්‍රියාවලියේ කළු ගම්මිරිස් 95% ක් වන අතර එයිනa 90% ක් අපනයන කෙරෙයි. දෙවැනි ක්‍රියාවලියෙන් සිදුවන්නේ ඉතා සීමිත ප්‍රමාණයකි. මෙහි ප්‍රධාන අරමුණ ගම්මිරිස් වගාවයි. ගම්මිරිස් තෙල් (සාමාන්‍ය 3.32mt 2000-2005 වසර) සහ අල්ප ප්‍රමාණය සුදු ගම්මිරිස්ය. 

ශ්‍රි ලංකාවේ ගම්මිරිස් නිෂ්පාදන සහ අපනයනය

නිෂ්පාදන ප්‍රමාණය (%) ප්‍රමාණය (%)
2004 2005 2006 2004 2005 2006
කළු ගම්මිරිස් 96.3 96.1 95.9 94.3 93.7 94.2
ගම්මිරිස් කුඩු 3.1 3.3 1.1 4.9 3.5 2.0
කෑලි ගම්මිරිස් 0.5 0.6 3.0 0.5 2.3 3.7
ගම්මිරිස් තෙල් 0.03 0.02 0.01 .0.3 0.5 0.1
100.0 100.0 100.0 100.0 100.0 100.0
මුළු එකතුව 4853 (mt) 8041(mt) 8191(mt) 936.5 (Rs.mn) 1234(Rs.mn) 1776(Rs.mn)
මූල :  ශ්‍රී ලංකා රේගුව 2006 ජූනි දක්වා

ඊට අමතරව ශ්‍රි ලංකාවේ සමාගම් කීපයක පාරිභෝගික නිෂ්පාදන වශයෙන් ගම්මිරිස් සංයෝගයන්, (මිරිස්, ළූණූ, සුදුළූණූ සමග මිශ්‍ර කොට) පාරිභෝගික රුචිකත්වයට අනුව ඉදිරිපත් කෙරේ. විවිධ වාර්ගිකයන් සිය කැමැත්ත අනුව ආහාර සඳහා යොදා ගනී. මෙම නිෂ්පාදන කුඩු වශයෙන් ද, ද්‍රව්‍ය වශයෙන් ද, පිටි වශයෙන් ද, විවිධ ඇසුරුම්වල බහා වෙළඳ පොළෙහි ඇත' මෙම නිෂ්පාදන විශාල වශයෙන් ගෘහස්ථ භාවිතය සඳහා ද සුළු ප්‍රමාණයක් අපනයන සඳහා ද නිෂ්පාදනය කෙරේ.

කළු ගම්මිරිස් අපනයන කරන රටවල්
රට 2000 2001 2002 2003 2004 2005 2006
(Mt.) (Mt.) (Mt.) (Mt.) (Mt.) (Mt.) (Mt.)
ඉන්දියාව 2154.3 1780.6 5582.3 6167.6 4384.8 7582.0 6628.1
එක්සත් රාජධානිය 87.5 31.5 81.5 2.8 1.2 24.0 27.1
ඇමරිකා එ. ජනපදය 269.9 117.0 218.8 176.6 229.7 111.1 355.0
රුසියාව 53.3 10.0
එ. අරාබි එමීර් රාජ්‍යය 452.4 0.1 96.8 69.2 1.1 1.3 71.5
සිංගප්පූරුව 40.0 15.0
පාකිස්ථානය 189.0 45.4 72.2 162.2
ප්‍රංශය 56.0 6.1 10.0 65.2 0.4 15.2 15.2
සවුදි අරාබිය 117.2 28.0 7.5 11.0 14.0
ග්‍රීසිය 96.0 2.0 21.0 1.8 14.0
ඉතාලිය 14.8 0.2 38.8 15.4 1.5 0.9 0.9
ලෙබනනය 0.4 0.5 28.0
ජෝර්දානය 32.0 42.1 0.9 0.1 0.2
තුර්කිය 70.0 80.9 14.0
ඊජිප්තුව 417.0 485.2 552.5 30.0 257.4
ඕස්ට්‍රෙලියාව 1.7 2.5 4.3 1.5 3.8 2.6 3.6
මාලදිවයින 16.5 8.8 5.3 7.4 6.9 10.4 9.3
කැනඩාව 237.0 114.2 2.1 6.2 2.7 3.3
නෙදර්ලන්තය 66.7 1.5 3.1 93.6 16.3 39.6 135.5
ඩෙන්මාර්කය 6.0
ජර්මනිය 66.7 31.4 58.1 184.3 72.5 25.5 80.2
වෙනත් රටවල් 416.6 64.6 1002.1 313.5 117.8 171.4 383.7
එකතුව 4855.0 2161.0 7728.8 7740.1 4853.1 8129.8 8190.2
 මූල : ශ්‍රී ලංකා රේගුව

ගම්මිරිස් මිල වෙනස්වීම
වාර්ෂික සාමාන්‍ය ගොවි නිෂ්පාදන වෙන්දේසිය සහ ජාත්‍යන්තර ගම්මිරිස් මිල ගණන් 1995-2006

වර්ෂය Farm Gate අන්තර්ජාතික වෙන්දේසිය
මිල Rs/kg Growth Rate Pt. to Pt. මිල Rs/kg Growth Rate Pt. to Pt. මිල Rs/kg Growth Rate Pt. to Pt.
1995 111.00 139.45 121.97
1996 98.86 -10.9 128.57 -7.8 110.40 -9.5
1997 198.24 100.5 255.97 99.1 224.89 103.7
1998 262.09 32.2 335.18 30.9 287.31 27.8
1999 287.98 9.9 358.86 7.1 321.18 11.8
2000 281.82 -2.1 331.68 -7.6 307.22 -4.3
2001 188.50 -33.1 n.a. 200.50 -34.7
2002 144.24 -23.5 168.30 167.43 -16.5
2003 122.97 -14.7 163.52 -2.8 138.26 -17.4
2004 138.49 12.6 160.52 -1.8 149.86 8.4
2005 116.89 -15.6 158.31 -1.4 129.30 -13.7
2006 165.38 41.5 226.11 42.8 180.34 39.5




ගම්මිරිස් නිෂ්පාදන වියදම
නිෂ්පාදන වියදම කළමණාකාරීත්වය මත රැදී පවතී. පුළුල් වශයෙන් කථාබහට ලක්වන්නේ අපනයන භෝග වගාවන්හි ඵලදායිතාවය පිළිබඳවය. එය ලබා ගැනීමට අවුරුදු 3-4 ක් කාලයක් ගතවන අතර සම්පූර්ණ ඵලදායිතාවය ලබා ගැනීමට තවත් අවුරුදු 2-3 ක කාලයක් ගතවේ. 

ස්ථාපිත වියදම විශාල ලෙස රැදී පවතින්නේ බොහෝ සාධක මතය. ඉතා සැලකිය යුත්තේ පැල වර්ග ආශ්‍රිතව විශේෂ වර්ගයේ පැල වගා කිරීමේ ක්‍රමයයි. පොහොර ප්‍රධාන අංගයක් ලෙස නඩත්තු කිරීමට යොදා ගැනීමෙන් හොඳ අස්වැන්නක් අපේක්ෂා කළ හැකිය.

සම්බන්ධ තොරතුරු

භාණ්ඩය ප්‍රමාණය ගම්මිරිස්
සාමාන්‍ය නිෂ්පාදනය Kg/hc 425
සාමාන්‍ය පැල ගණන/හෙ. # 1,085
සාමාන්‍ය පොහොර භාවිතය Kg/hc 425
කම්කරු වියදම Rs/hc 20,956
පොහොර වියදම Rs/hc 12,750
මුළු වෙනස් වියදම Rs/hc 33,706
දළ ප්‍රතිලාභ Rs/hc 59,500
වෙනස්වන වියදම් අනුව
ප්‍රතිලාභ
Rs/hc 25,794
නිෂ්පාදන වියදම Rs/kg 79.30
නිෂ්පාදන ගණනය - 2003
දැනට පවතින කුලී වියදම එක් අයකුට දිනකට රු. 300/- සිට 350/- වේ. නමුත් සියළු කම්කරුවන් තක්සේරු වන්නේ එක් අයකුට දිනකට රු 300/- ක කුලියකි.

 ඊ ෆියුශන් නිමවුමක්‌ 2007/2008

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරනය ICTA