අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
එනසල්
විශේෂයෙන් එනසල් ආහාර රස ගන්වන රසකාරක ද්‍රව්‍යක් වශයෙන් පරිභෝජනය කෙරේ. පුළුස්සන ලද ආහාර සදහා ද සමහර රටවල්වල තේ, කෝපි පානයන් සදහාද භාවිතා කරයි. තවද මෙය ඖෂධ නිෂ්පාදන සදහාද, සුවද විලවුන් නිෂ්පාදනය සදහා ද එනසල් තෙල් ප්‍රයෝජනයට ගැනෙයි. ලොවේ ප්‍රධාන එනසල් නිෂ්පාදන රටවල් වන ගෞතමාලා, ඉන්දියාව, තන්සානියාව, හා තවද හොද නිෂ්පාදිත රටවල් අතර එල් සල්වඩෝර්. වියට්නාම්, ලාවෝස්, කම්හොඩියාව හා පපුවා නිවිජිනියා වන අතර අදටත් ගෞතමාලාව ලොවේ විශාලතම එනසල් නිෂ්පාදනය හා අපනයන ප්‍රමුඛත්වය ගන්නා අතර අස්වැන්න ප්‍රමාණය මත ජාත්‍යන්තරව හොද මිලක් ද ලැබේ.  

එනසල් විස්තරය
2002 වසරේ කෘෂිකර්ම සංගණනයට අනුව වාර්තා කර ඇති එනසල් වගා භුමි ප්‍රමාණය හෙක්ටයාර් 2884 කි. එනසල් බොහෝ වශයෙන් කදුකර ප්‍රදේශවල දල එනම් නකල්ස්, මාතලේ දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ දුම්බර ප්‍රදේශය ද වැවේ. මෙය මුළු භුමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් 2884 ක් ද හෙක්ටයාර් 1815 ක් හෝ 63%මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කයේ වගා කෙර්. තවද 26% ක් කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක වලද එනසල් වගාව ව්‍යප්ත වී ඇති බව පැහැදිලිව දක්නට ලැබේ.

එනසල් වගාවට මි.ලීටර් 1500 වර්ෂා පතනයක්ද සීත කාලගුණය ද අවශය වේ. භුමි ප්‍රමාණය හෙක්ටයාර් 2884 ක්ද, හෙක්ටයාර් 2463 හෝ සාමාන්‍ය 85.4% වතු කරයෙන්ද වාර්තා වේ.

එනසල් විස්තරය දිස්ත්‍රික් වතු මට්ටමින් - 2002

දිස්ත්‍රික්කය විස්තරය (Hc.)
මහනුවර 525
මාතලේ 1,092
නුවරඑළිය 122
කෑගල්ල 391
රත්නපුර 295
බදුල්ල 6
මොනරාගල -
කොළඹ -
කළුතර -
ගම්පහ -
ගාල්ල -
මාතර 32
හම්බන්තොට -
කුරුණෑගල -
මුළු එකතුව 2,463
මූල : 2002 කෘෂිකර්ම සංගණනය

නිෂ්පාදනය
එනසල් නිෂ්පාදන ගණනය - 2002 - 2006
වසර නිෂ්පාදන (mt)
2002 64
2003 65
2004 74
2005 81
2006 80

එනසල් අපනයනය
වර්ෂය අපනයන
ප්‍රමාණය (mt) අගය (රු.nm)
1973 – 1982 (සුළු) 185.5 29.7
1983 – 1992 (සුළු) 127.8 35.2
1993 – 2002 (සුළු) 12.1 7.9
2003 4.0 8.2
2004 4.4 5.4
2005 10.7 13.5
2006 5.9 16.5
මූල : ශ්‍රී ලංකා රේගුව



එනසල් අපනයන ව්‍යාපාරය - 1990 - 2006

ඉහත සඳහන් සටහන අනුව ඉදිරි වසර 5 සඳහා එනසල් අපනයනය වාර්තාගත පසු බෑමක් පෙන්නුම් කරයි. (2007-2011)

එනසල් අපනයන කරන රටවල්
රට 2000 2001 2002 2003 2004 2005 2006
  Kg Kg Kg Kg Kg Kg Kg
ඕස්ට්‍රෙලියාව 317 135 426 962 434 442 470
කැනඩාව 322 320 100 488 228 349 510
ප්‍රංශය 375 352 64 76 284 708 339
ඉතාලිය 186 1 363 780 84 443 202
ජපානය 40 38 17 14 87 482 61
ජෝදානය 4049 170 0 0 0 0 0
මාලදිවයින 449 196 76 361 294 1101 330
නෙදර්ලන්තය 125 34 62 10 20 4050 100
නෝර්වේ 120 67 70 66 137 920 43
ස්වීඩනය 0 519 600 0 0 0 0
ඇමරිකා එක්සත් ජනපදය 24 43 311 18 820 965 2
එක්සත් රාජධානිය 206 90 82 813 2206
අනෙකුත් රටවල් 2087 835 711 1095 1193 1870 1637
මුළු එකතුව 8300 2800 2800 3952 4394 11330 5900
මූල : ශ්‍රී ලංකා රේගුව

වාර්ෂික සාමාන්‍ය ගොවි නිෂ්පාදන, වෙන්දේසිය සහ ජාත්‍යන්තර එනසල් මිල ගණන් 1995-2006
වර්ෂය ගොවි නිෂ්පාදන ජාත්‍යන්තර වෙන්දේසි
මිල
රු./kg
වර්ධන අගය
Pt - Pt
මිල
රු./kg
වර්ධන අගය
Pt - Pt
මිල
රු./kg
වර්ධන අගය
Pt - Pt
1995 337.39 615.22 398.17
1996 383.26 13.6 602.87 -2.0 474.59 19.2
1997 399.09 4.1 528.80 -12.3 471.68 -0.6
1998 480.59 20.4 612.31 15.8 558.60 18.4
1999 964.09 100.6 1055.54 72.4 1099.38 96.8
2000 1216.97 26.2 1317.90 24.9 1258.46 14.5
2001 1447.73 19.0 1352.20 2.6 1530.10 21.6
2002 1252.29 -13.5 1318.68 -2.5 1414.13 -7.6
2003 875.89 -30.1 796.47 -39.6 1017.34 -28.1
2004 682.44 -22.1 791.82 -0.6 813.45 -20.0
2005 744.15 9.0 652.02 -17.7 828.52 1.9
2006 716.92 -3.7 671.15 2.9 920.07 11.0
මූල : DEA


 ඊ ෆියුශන් නිමවුමක්‌ 2007/2008

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරනය ICTA