Tamil-Sri LankaEnglish (United Kingdom)
 
මුල් පිටුව

පුවක්

 

පුවක්

විද්‍යාත්මක නාමය Areca catechu L
කුලය: Palmae

 ඉතිහාසය, නිෂ්පාදන හා ප‍්‍රයෝජන, ප‍්‍රධාන වගා ප‍්‍රදේශ, පාංශු සහ දේශගුණික අවශ්‍යතා, ප‍්‍රභේද, වගා ස්ථාපනය, බෝග වගා නඩත්තුව, බෝග ආරක්‍ෂණය, අස්වනු නෙලීම සහ පසුඅස්වනු ක‍්‍රියාකාරකම්, ප‍්‍රමිති සහ ගුණාත්මක පිරිවිතර, ඖෂධීය ගුණාංග හා රසායනික සංඝටක

 

ඉතිහාස

ආසියාතික හා මුහුදුබඩ ආශ‍්‍රිත රටවල ජනයාගේ පුවක් සහ බුලත් සැපීමේ සම්ප‍්‍රදාය සහ පුරුද්ද වසර දහස් ගණනක ඉතිහාසයක් දක්වා දිවයයි. පුවක් සහ බුලත් එකට භාවිතා කිරීම මානසික ක‍්‍රියාකාරිත්වයක් සහිත ඖෂධීය ගුණයෙන් යුක්ත බවට එකල දැනුමක් තිබුණේ නැත. තායිලන්තයෙන් මෙන්ම ඉන්දුනීසියාවෙන් හා පිලිපීනයෙන් හමුවූ පුරාවිද්‍යාත්මක සාධක වලින් අනාවරනය වන්නේ බුලත් විට සැපීම වසර 4000 ක් හෝ ඊට වැඩි කාලයකට එපිට සිට පැවති බවයි. ඉන්දියානු උපමහාද්වීපයේ බුලත්විට සැපීම වේද යුගය සහ හරප්පා අධිරාජ්‍ය කාලය දක්වා විහිදී යයි. ක‍්‍රි.පූ. 140 - 08  අතර කාලයේ ලියැවුනේයයි සැලකෙන ”සැං-ෆූ-හුආංග්” ලේඛණයට අනුව පුවක් යන නාමය මැලේසියානු ”පින්ලැන්ග්” යන වචනයෙන් හැඳින්වී ඇති බව සඳහන් වේ. ස්පාඤ්ඤ ජාතික නාවිකයෙකු වූ අල්වරෝ ද මැන්ඩෙනා, සොලමන් ¥පත් වාසීන් පුවක් සහ බුලත්, හුණු සමඟ සැපීමෙන් ඔවුන්ගේ මුව රත්පැහැයෙන් යුත් පැල්ලම් සහිත වූ බව වාර්තා කර ඇත.

පුවක් පිළිබඳව පවතින මතවාද ප‍්‍රතිවිරුද්ධ සහ අවිනිෂ්චිත ස්වභාවයේ ඒවාවේ. විවිධ පර්යේෂකයින් විසින් මැලේසියාව, පිලිපීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ සුමාත‍්‍රා ¥පත්වලින් පුවක් වල වල් දර්ශ (වනගත ප‍්‍රභේද* හඳුනා ගෙන ඇත.

පුවක් නිෂ්පාදන සහ එහි භාවිතයන්


පුවක් ශාකයේ ඵල පොදුවේ පුවක් ලෙස හඳුන්වන අතර එ්වා සියළුම දකුණු ආසියාතික රට වල සහ බොහෝ අග්ණිදිග ආසියාතික මෙන්ම මුහුදුබඩ ආශ‍්‍රිත රටවල බුලත් සමඟ සැපීම සඳහා භාවිතා කරයි. එමඟින් සිරුරට මෘදු සැරගතියෙන් යුත් සන්වේදනයක් සහිත මෘදු උත්තේජනයක් ලබාදේ. පුවක් ගෙඩි අමු සහ වියලි යන ආකාර දෙකින්ම භාවිතා කරයි. ඉන්දියාව සහ පකිස්තානය යන රටවල අමු පුවක් කපා රසගන්වා විවිධ නිෂ්පාදන සකස්කරයි. චීනයේ සහ ඉන්දියාවේ ආයුර්වේදයේ හා සාම්ප‍්‍රදායික චීන ඖෂධ නිෂ්පාදන සඳහා පුවක් භාවිතා කරයි. කුඩු කරන ලද පුවක් ඇතැම් දන්තාලේප නිපදවීම සඳහා සංඝටකයක් ලෙස ඉන්දියාවේ භාවිතාවේ. එමෙන්ම ඉන්දියාවේ ඇතැම් ප‍්‍රදේශවල කුඩුකරන ලද පුවක් කෂාය හෝ නිස්සාරනය කරන ලද ඇල්කලොයිඩ පශුවෛද්‍ය විද්‍යාවේ දී භාවිතා වන්නේ සතුන්ගේ පටිපණු රෝගයට සහ ආහාර මාර්ගය ආශ‍්‍රිත පරපෝෂිතයින් මර්ධනය කිරීම සඳහා ඖෂධයක් ලෙසය.

එමෙන්ම පුවක් අතු ගෘහාශ‍්‍රිත භාණ්ඩ නිපදවීම සඳහා යොදාගනී. එ් අතර සැරසිල්ලක් ලෙස, පහසුවෙන් දිරායනසුළු පිඟන් නිර්මාණය සහ ඇසුරුම් ද්‍රව්‍යයක් ලෙස ද යොදාගනී. සාම්ප‍්‍රදායිකව පුවක් කොලපුව බත්මුල් බැඳීම සඳහා මෙන්ම කිතුල්පැණි ගබඩා කර තැබීම සදහාත් භාවිතා කරයි. හින්දු භක්තිකයින් විසින් මේරු පුවක් කඳ ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස සහ ආගමික උත්සව වල දී  සැරසිල්ලක් ලෙස ප‍්‍රයෝජනයට ගනී. කුඩා පුවක් පැළ විසිතුරු පැළෑටියක් ආකාරයෙන් යොදා ගන්නා අවස්ථා ද ඇත.

මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟම ක්‍ෂේස්ත‍්‍රයේ ස්ථාපනය කල යුතුය. ක්‍ෂේස්ත‍්‍රය සකස් කිරීමෙන් අනතුරුව සෙ.මී. 60 ං 60 ප‍්‍රමාණයේ වලවල් වලට මතුපිට පස්, කොම්පෝස්ට් හෝ ගොම පොහොර යොදා පැළ සිටුවිය යුතුය. මනා ජලවහනයක් සඳහා ජලවහන කාණු පද්ධතියක් ක්‍ෂේස්ත‍්‍රයේ ස්ථාපනය කිරීම යෝග්‍යවේ. බෑවුම් සහිත ඉඩමක වගා කිරීමේ දී සමෝච්ච රේකා අනුව පැල සිටුවීම අනුමත කරනු ලැබේ. වඩා යහපත් වර්ධනයක් සඳහා කාබනික පොහොර අත්‍යාවශ්‍යවේ.

 වගා පරතරය

මිටර 03 ං 03 පරතරය ඇති විට හෙක්ටාරයකට පැල 1100 කි.

සෙවන

ලදරු පැල සෘජු හිරු එළියෙන් ආරක්‍ෂා කර ගත යුතුය. තාවකාලික සෙවන සඳහා පුවක් කොළ, පොල්අතු, හෝ පොලිතීන් වලින් ආවරනය කල හැකිය. ස්ථිර සෙවන සඳහා කෙසෙල්, පැපොල්, හෝ මඤ්ඤොක්කා පුවක් සමඟ අතුරු වගාවක් ලෙස වගා කල හැකිය.

බෝග නඩත්තුව 

පොහොර යෙදීම

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ගොවීන් පුවක් වගාව සඳහා පොහොර යෙදීමක් සිදු නොකරයි. නමුත් වානිජ මට්ටමේ වගා වල දී වැඩි ආදායමක් ලබාගැනීම සඳහා  පොහොර භාවිතය නිර්දේශ කරනු ලැබේ.

පොහොර නිර්දේශය

එක් වර්ෂයක් සඳහා එක් ශාකයකට නිර්දේශිත රසායනික පොහොර ප‍්‍රමාණය.

නයිට‍්‍රජන් (භ*     ග‍්‍රෑම් 100     (යූරියා ග‍්‍රෑම් 220*

පොස්පරස් (ඡු2ධ5*     ග‍්‍රෑම් 40     (රොක් පොස්පේට් ග‍්‍රෑම් 200*

පොටෑසියම් (ණ2ධ*     ග‍්‍රෑම් 140     (මියුරියේට් ඔෆ් පොටෑෂ් ග‍්‍රෑම් 225*

මෙම මාත‍්‍රාව කොටස් දෙකකට බෙදා දෙවරකට යෙදීම වඩා සුදුසුය.

කාබනික පොහොර

වසරකට එක් ශාකයක් සඳහා කොළ පොහොර සහ කොම්පෝස්ට් කි.ග‍්‍රෑම්. 12 ක් යොදනු ලැබේ. මෙම පොහොර සෙ.මී. 15 - 20 ගැඹුරින් සහ මීටර් 0.5 - 01 ත් අතර අරයක් සහිත බේසමක් ආකාරයට පැළයේ සිට සෙ.මී. 20 ක පමණ එපිටින් බිම සකසා යොදනු ලබේ. ඉන්පසු හොදින් කලවම් කර  පස් වලින් වසාදමන්න. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පවතින තත්ව යටතේ කාබනික ද්‍රව්‍ය, කොළ පොහොර සහ කොම්පෝස්ට් කි.ග‍්‍රෑම්.20 ක් දෙවතාවක දී ශාකයේ මුලට යෙදීම නිර්දේශිතයි.

වල්පැළෑටි පාලනය

ඉන්දියාවේ සිදුකරන ලද පර්යේෂණ අනුව ඔප්පුවී ඇත්තේ වල්පැළෑටි වලින් තොර වූ වගාවකින් වඩා හොඳ අස්වැන්නක් ලැබෙන බවයි.

වසුන් යෙදීම

ඉන්දියාවේ පුවක් වගා වල වසුන් යෙදීම නිරන්තරයෙන් සිදුකරන කාර්යයකි. මෙ මගින් ශාකයේ පාමුල තෙත්ව තැබීම, පාංශුඛාදනය අවමවීම, වල්පැළෑටි මර්ධනය සිදුවීම ආදිය සිදුවේ. කැබලි වලට කැපූ පුවක් කොළ, පුවක් ලෙලි, තණකොළ හා වෙනත් වියලි කොළ මේ සඳහා භාවිතාකළ හැකිය.

බෝග ආරක්‍ෂණය

පුවක් වගාව සඳහා ආර්ථිකව හානිදායක වන මට්ටමේ හානිකර රෝග ශා පළිබෝධ හානි වාර්තා වී නොමැත.

අස්වනු ලෙීම හා පසු අස්වනු ක‍්‍රියාකාරකම්.

පුවක් ශාකය පීදීම සඳහා වසර 06 - 07ක් පමණ කාලයක් ගතවේ. නමුත් එම ශාකයෙන් උපරිම ඵලදාවක් ලබාදෙනු ලබන්නේ වසර 10-12ක් පමණ ගතවූ පසුය. අපේක්‍ෂිත ප‍්‍රයෝජනය අනුව පුවක් පොකුරු විවිධ මේරීමේ අවස්ථා වල දී නෙලනු ලැබේ.  සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පුවක් අස්වනු නෙලීම පැසුණු පසු සිදු කරන අතර එ්වා අමු හෝ වියලි ස්වරූපයෙන් ප‍්‍රයෝජනයට ගනී. මෙම ගෙඩි පැසවීමට භාජනය කලහොත් එහි නැවුම් ස්වභාවයට හානි නොවී වසරක පමණ කාලයක් තබාගත හැකිය. එක් ශාකයකින් වසරකට පුවක් පොකුරු 03-04 ක අස්වැන්නක් ලැබේ.

ඔෂධීය ගුණාංග ෂහ රසායනික සංඝටක

පුවක් වල අඩංගු ප‍්‍රධාන රසායනික සංඝටකය ටැනින්වේ. ගාලික් අම්ල සහ තිරවූ තෛලමය මැලියම්, ටර්පිනෝල් සුළු ප‍්‍රමානයක්, ලිග්නීන්, විවධ ලවණ සහිත සංඝටක හා ඇරිකොලීන්, ඇරිකේන්, සහ ගුවාසීන් නමින් ඇල්කලොයිඩ තුනක් ප‍්‍රධාන වශයෙන් හඳුනා ගත හැකිය.

අවසන් යාවත්කාලීන කිරීම 2010 අගෝස්තු 16 වෙනි සදුදා, 09:02