Tamil-Sri LankaEnglish (United Kingdom)
 
මුල් පිටුව

බුලත්

බුලත්

කුලය: Piperaceae

Genus: Piperacea

විද්‍යාත්මක නාමය: Piper betle L.

 

 

ඉතිහාසය


සදාහරිතල බහුවාර්ෂික වැලක් වන බුලත් ශ්රී ලංකාව පුරාම වගා කිරීම සිදු කරයිග  බුලත් කොලය ප්රධාන වානිජ නිෂ්පාදනය වන අතර පුවක්ල හුනුල දුම්කොල සහ වෙනත් සංයෝග සමඟ සැපීම සඳහා භාවිතා කරයිග  ශ්රී ලංකිකයන්ගේ බුලත් සැපීමේ පුරුද්ද ක්රිස්තුපුර්ව 340 දක්වා ඈතට විහිදෙයිග  එම කාළයේ උසස් සමාජය තුල බුලත් ගරු බුහුමන් ලබන අංගයක් වියග  මැලේසියාව හෝ ආශ්රිත නැගෙනහිර ආසියාතික කළාපය තුල බුලත් වල සම්භවය සිදු වූ බව විශ්වාස කරන අතර චීන හා අරාබි වෙළඳුන් විසින් ශ්රී ලංකාවට සහ ෙවනත් දකුණු ආසියාතික රටවල් වලට හඳුන්වා දී ඇතග  කෙසේ වුවද බුලත් වගා දර්ශ දහයකට වඩා ශ්රී ලංකාව තුල සොයාගෙන ඇතග 

වර්ථමානයේ දේශීය පරිභෝජනය සහ අපනයන සඳහා බුලත් වගා කරනු ලබන අතරල වගා කරන ප්රධාන රටවල් නම් ශ්රී ලංකාවල ඉන්දියාව තායිලන්තය සහ බංගලිදේශය ෙවයිග  පකිස්තානය ශ්රී ලංකාවේ බුලත් ආනයනය කරන ප්රධාන රට වෙයිග. 
 

නිෂ්පාදන සහ ප්රයෝජන


බුලත් කොලය ආර්ථික සහ ඖෂධීය වටිනාකමින් පොහොසත් නමුත් ඈත අතීතයේ සිටම විට සැපීමේ කාර්යය සහ උත්සව අවස්ථා සඳහා වෙනත් ද්රව්ය සමඟ භාවිතා කරයිග  බුලත් සැපීම සඳහා ගනු ලබන වෙනත් සංයෝග රටින් රටට වෙනස් වෙයිග 

බුලත් මඟින් අගය එකතු කල නිෂ්පාදන කීපයක් හඳුන්වා දී ඇති අතර ඒවා නම් දන්තාලේපල මුඛ සෝදන දියරල සබන් වෙනුවට යෙදිය හැකි ආදේශන දියරල මුහුනට යෙදිය හැකි සාරයන්ල ක්ෂණික බුලත් විට සහ කැබලි වේ.

ප්රධාන වගා කරන ප්රදේශ

බුලත් ශ්රී ලංකාව පුරාම වගා කරන අතර අපනයන ගුණාත්මයෙන් :තද කොල පැහැතිල ගණකම්ල විශාලල ප්රමාණයේ බුලත් කොල*  යුතු වානිජ නිෂ්පාදනයක් ලෙස ,කලු බුලත්,  ෙලස හඳුන්වාදෙන බුලත් වගාව කුරුණෑගලල ගම්පහල කෑගල්ලල කලුතර සහ කොළඹ යන දිස්ත්රික්ක කිහිපයකට සීමා වී ඇත.

ප්රභේද

දේශීය බුලත් ප්රභේද විශාල ප්රමාණයක් ශ්රී ලංකාව තුල වගා කරන අතර ,මානෙරු,ල ,රට දලු, සහ ,ගල්දලු, උසස් අපනයන ගුණාත්මය සහිත ජනප්රිය බුලත් ප්රභේද වෙයිග. 

පස හා දේශගුණික අවශ්යතා

පස

ශ්රී ලංකාවේ තෙත් කළාපයේ සිට වියළි කළාපය දක්වා හොඳින් ජලය බැසයන සරු පසෙහි බුලත් සාර්ථකව වගා කල හැකියිග  විශේෂයෙන්ම කුරුණෑගල සහ ගම්පහ දිස්ත්රික්කයේ ලැටරයිට් සහ මැටි ලෝම් පස බුලත් වගාව සඳහා ඉතා සුදුසු ෙවයිග  වතුර රඳනු ලබන හෝ ක්ෂාරීය පස බුලත් වගාව සදහා සුදුසු නැත.

දේශගුණය

උච්චත්වය - මුහුදු මට්ටමේ සිට මීටර් 1000 දක්වා සාර්ථකව වගා කල හැකියිග  වර්ෂාපතනය - හොඳින් පැතිරුණු වාර්ෂික වර්ෂාපතනයක්ග

බුලත් හිරුඑළිය ප්රිය කරන වැලක් වුවද වියළි කළාපයට වඩා තෙත් හා අතරමැදි කලාපයේ හොඳ ගුණාත්මක නිෂ්පාදනයක් පෙන්වයිග  අවශ්යතරම් සෙවන සහ ජල සම්පාදනය සාර්ථක වගාවක් සඳහා අත්යාවශ්ය වන අතර උණුසුම් වියළි සුළඟ හිතකර නොවන අතර වර්ධනය බාල කරයි.

භෝග ස්ථාපනය

රෝපන ද්රව්ය

බුලත් සාමාන්යයෙන් කඳ කොටස් කිරීම මඟින් ගුණනය කිරීම සිදුකරයිග  මෙම කපන ලද කඳ කොටස් නිරෝගී විය යුතු අතර වැඩි අස්වැන්නක් සහ විශාල ප්රමාණයේ තද කලු කොල පැහැති බුලත් කොල ලබාදෙන මව් වැලකින් ලබාගත යුතුයිග  කැපු වැල් කොටස් කෙලින්ම ක්ෂේත්රයේ සිටුවීමට හෝ මතුපිට පස්ල ගොම පොහොරල කොහුබත් සහ වැලි සමාන කොටස්  යොදා සකස් කල මිශ්රණයෙන් පුරවන ලද පොලිතීන් මලු තුල මුල් අද්දවා පසුව ක්ෂේත්රයේ සිටුවීම ද කළ හැකියි.

ක්ෂේත්රයේ සිටුවීම

Bබුලත්ල සාමාන්යයෙන් ගිලුනු පාත්ති තුල සිටුවනු ලැබේග  ක්ෂේත්රය සමතලාල හොඳින් ජලය බැසයන සහ හොඳින් හිරුඑළිය ලැබෙන බිමක් විය යුතු අතර අඩුම ලෙස වසර 2 ක කාළයක්ල බැක්ටීරියා කොළ අංගමාර රෝගය ආසාදනය නොවු ක්ෂේත්රයක් විය යුතුයිග බිම් සකස් කිරීමෙන් පසු මීටර් 1ග2  ඞ මීටර් 7ග5 ප්රමාණයට පාත්ති සකස් කරනු ලැබේග  පාත්තියක ප්රමාණය ක්ෂේත්රයේ ඉඩ ප්රමාණය මත තීරණය වෙයිග   පාත්ති අතර අමතර ඉඩක්  තැබිය  යුතු අතර එය රෝග පැතිරීම වැළැක්වීම සඳහා ද බෝග නඩත්තු කටයුතු සඳහාද ඉවහල් වෙයිග  පිදුරු ගිනි තැබීම හෝ අලු එකතු කිරීම මඟින් පාත්ති ජීවානුහරණය කල යුතු අතර පාත්ති සියල්ල වටකරල පළල සෙන්ටි මීටර් 30 ක් හා ගැඹුර සෙන්ටි මීටර් 60 ක් වන ජලය බැසයන කාණුවක් දැමිය යුතුවේග

බුලත් වැල ඉහළට වර්ධනය වීම සඳහා ජීවි හෝ අජීවී ආධාරකයක් :ඉනි* සැපයිය යුතු අතර පරතරය සෙන්ටි මීටර් 45 ඞ සෙන්ටි මීටර් 45 වන සේ ක්ෂේත්රයේ සිටුවිය යුතුයග  එක් ආධාරකයකට බුලත් පැල දෙකක් සිටුවිය යුතු අතර ආධාරකය සිටුවීමට පෙර දීලීරනාශකයක මිනිත්තු දෙකක් පමණ ගිල්වා ගත යුතුයිග 

බුලත් පාත්ති වල සිටුවීම වෙනුවට තනි පැලයක් ලෙස සිටුවීම ද කල හැකියිග  සෙන්ටි මීටර් 30 ඞ සෙන්ටි මීටර් 30 වන වලක් තුල සිටුවා ගොම පොහොර සහ මතුපිට පස් වලින් එය පිරවීම කල යුතුයිග  ඉන්පසු සෙන්ටි මීටර් 2-4 දක්වා විශ්කම්භයක් ඇති ඉන්නක් ආධාරකය ලෙස සිටුවිය යුතුයිග  පැල දෙකක් අතර පරපරය සෙගමීග 1ග8 ඞ සෙගමීග 1ග8 විය යුතු අතර ජීවී ආධාරකයක් ලෙස ග්ලිරිසිඩීයා හෝ කල් පවතින අජීවී ඉන්නක් ආධාරකයක් ලෙස භාවිතා කල හැකියිග 

පාත්ති පොල් අතු වලින් හෝ වෙනත් සෙවිලි ද්රව්යයකින් සති 4-6 දක්වා කාළයක් ආවරණය කළ යුතුයිග  දිනකට වරක් හෝ දෙවරක් ජලය යෙදීම කල යුතු අතර දින 20 - 45 කාළයක් තුල අංකුර ඒම සිදුවේග  ඉන්පසු සෙවනට දැමූ ආවරණය ක්රමයෙන් ඉවත් කළ යුතුය.
 

බෝග කළමනාකරණය

පොහොර යෙදීම.

සති 3-4 ට වරක් බුලත් කොල කැඩීම සිදුවන නිසා පෝෂ්ය පදාර්ථ ප්රමාණයක් ක්ෂේත්රයේ ඉවත් වෙයිග  එම නිසා හොඳ වර්ධනයක් සහ උසස් අස්වැන්නක් සඳහා රසායනික පොහොර භාවිතය අත්යාවශ්ය වෙයි. 

නිර්දේශිත පොහොර

යුරියා             -    ග්රෑම්ග 195
ට්රිපල් සුපර් ෆොස්පේට්     -    ග්රෑම්ග   65
මියුරියේට් ඔෆ් ෆොටෑෂ්     -    ග්රෑම්ග 100
කිසරයිට්         -    ග්රෑම්ග   60

මෙම මිශ්රණයෙන් ග්රෑම්ග 420 ක් බුලත් වැල් 100 ක් සඳහා සෑම සති තුනකට වරක් යෙදිය යුතුය.

කාබනික පොහාර

Iආරම්භයේදීම ගොම පොහොර හෝ කාබනික පොහොර පාත්ති වලට දැමිය යුතු අතර මාසයකට පසු අලුත සිටුවන ලද පැල වලට හානි නොවන සේ පස සමඟ හොඳින් මිශ්ර කළ යුතුයග  හොඳින් දිරන ලද කුකුළු පොහොර හෝ එළු පොහොර බුලත් වගාව සඳහා යෙදිය හැකිවේග  දිරන ලද ග්ලිරිසීඩියා කොල දැමීම හොඳ වර්ධනයක් සහ වැඩි අස්වැන්නක් සඳහා උපකාරී වේ.

කප්පාදු කිරීම සහ පුහුණු කිරීම

ජීවි ආධාරකයකට හෝ අජීවී ආධාරකයකට වැල් පුහුණු කිරීම සිදු කරයිග  නමුත් බදාම :කොන්ක්රීට්* කණූ හෝ පොල් කෙඳි වලින් සාදන ලද කඹ මේ සඳහා ආදේශක ලස භාවිතා කල හැකියිග 

∗    බුලත් වැලේ උස මීටර් 1 ක් වන විට කප්පාදු කල යුතු අතර එය හරස් අතු සහ අස්වැන්න වැඩි කිරීමට හේතුවේග
∗    බුලත් වැලේ උස මීටර් 1ග2 ක් වන විට පන්දලම සාදනු ලැබේ.
 

බෝග ආරක්ෂාව
රෝග

බැක්ටිරියා ෙකාල අංගමාරයරැු බැක්ටියා කොල පුල්ලි  රෝගය

Bacterial Leaf Blight

“සැන්තොමොනාස් තැම්පෙස්ට්රිස් බෙට්ලිකෝලා” නම් වු බැක්ටීරියාවක් හේතු කොට සෑදෙන මෙම රෝගය වර්ෂා කාළයේදී වසංගත තත්ත්වයට පත්වේ.  රෝගය වැලඳුන පසු දැකිය හැකි විශේෂිත ලක්ෂණ වන්නේ කොලය යටි පැත්තේ තෙල් සහිත තෙත පැල්ලම් ඇති වීම වන අතර උග්ර වන විට මෙම පැල්ලම් කඳ දක්වා පැතිරෙන අතර, එවිට කොල සහ පුරුක් හැලී යයි.  ෙමහි ප්රතිඵලයක් ලෙස සම්පුර්ණයෙන්ම වැල මැරී යන අතර ආසන්නතම වැල් වලට ද රෝගය සීඝ්රයෙන් පැතිරේ. 

උග්ර ලෙස රෝගයට පාත්ර වු වැල් විනාශ කිරීම හැර රෝගය පාලනය කිරීමේ වෙනත් ක්රම හඳුනාගෙන නැත.  රෝගී වැල් සහ ඒ ආසන්නෙය් ඇති වැල් එම ස්ථානයේදීම පුළුස්සා විනාශ කල යුතුය.  පැතිරීම වැළැක්වීම සඳහා රසායනික ද්රව්ය භාවිතා කළ හැකිවේ.  හොඳින් ඇති වැල්වල මෝරන ලද කොල කඩා ඉවත් කළ පසු රසායනික දියරය (කොපර් අඩංගු දිලීර නාශකයකින් ග්රෑම් 28, මැන්කොසෙබ් ග්රෑම් 28 සහ කැප්ටාන් ග්රෑම් 28 ක් වතුර ගැලුම් තුනක දියකර සාදාගත් මිශ්රණය)  වරක් හෝ දෙවරක් බුලත් වැල් වලට ඉසිය යුතුය.  රසායනික පොහොර යෙදීම අඩු කිරීම සහ ආසාදිත බුලත් වැල් සඳහා ජලය යෙදීම අඩු කිරීම මඟින් රෝගය පැතිරීම පාලනය කල හැකිවේ.  නිරෝගී රෝපන ද්රව්ය භාවිතය, කෘෂි ලිඳක් හෝ හුදකලා ජල ප්රභවයකන් ජල සම්පාදනය සහ දැඩි සනීපාරක්ෂක ක්රම අනුගමනය කිරීම මඟින් රෝග ආසාදනය වළක්වා ගත හැකි වේ.  

සමහර බුලත් වගාවන් වල කලාතුරකින් බුලත් වැල් මැරීමේ තත්ත්වයක් නිරීක්ෂණය කර ඇති අතර, මෙයට ප්රධාන හේතුව වට පණු හානිය වේ.  වටපනුවන් මුල්වට හානි කල පසු දෙවනුව එම ස්ථාන වලට දිලීර වර්ග හා බැක්ටිරියා ආසාදනය වන අතර, මුල් කුණු වීම නිසා මූල පද්ධතිය විනාශ වේ.  එහි ප්රතිඵලයක් ලෙස බුලත් වැල් මැරී යයි.

බුලත්වගාවේ දී පාදස්ථ කුණුවීම සහ කොල වල ඇති වන දිලීර පුල්ලි ඉතා සුළු රෝගයන් වේ. 
 

පලිබෝධකයින්

ආර්ථිකව වැදගත් වන කෘමි හානියක් වාර්තා වී නැති අතර බුලත් කොල වල යුෂ උරා බොන කෘමීන් සහ රතු මයිටාවන්ගේ හානිය වගාවන් වල නිතර දැකිය හැකිය. 

අස්වනු නෙලීම සහ පසු අස්වනු කාර්යයන්

බුලත් වැලේ දිග මීටර් 1.2 - 1.8 ක් පමණ වූ විට අස්වනු නෙලීම ආරම්භ කරනු ලැබේ.  ආරම්භයේදී තුන් හතර වතාවක් ප්රධාන කඳේ මෝරන ලද කොල (කඳ කොල) කැඩීම සිදු කරයි.  ඉන්පසුව ප්රධාන කඳේ සහ හරස් අතුවල ෙකාල කැඩීම සිදු කරයි.  සති තුනෙන් තුනට අපනයන වෙළඳපල සඳහා කොල කැඩීම සිදු කරනු ලබන අතර දේශීය වෙළෙඳපල සඳහා බුලත් කැඩීම සති 2 ට වරක් සිදු කරයි.  කඩන ලද බුලත් වෙළෙඳපලට යැවීමට පෙර, කොල  40 ක් සිටින සේ මිටි බඳින අතර අපනයනය සඳහා මෙම මිටි විශේෂයෙන් සකසන ලද වේවැල් කුඩා වල අසුරනු ලැබේ.

ඹෟෂධීය සහ රසායනික ගුණාංග

බුලත් වල ඇති ප්රධාන සංයෝගය වන්නේ වාෂ්පශීලි තෙල්ය. ශ්රී ලංකාවේ බුලත් තෙල් වල හඳුනාගත් සංඝටක නම් බීටා පෙලැන්ඩ්රීන් (β phellandrene) ෆෝ - ටර්පිනෝල් (4- terpinol) ඉයුජිනෝල් (evgenol) චවිබිටෝල් ඇසිටේට් (Chavibitoo acetate)" සැපරෝල් (safrole) සහ ඇලීල් පයිරොකැටිකෝල් ඩයි ඇසිටේට් (allylpyrocatechol diacetate) වෙයි.

සම්මත ගුණාත්මක පිරිවිතර

බුලත් සඳහා විශේෂිත තත්ත්ව පරාමිතියන් නැති අතර අපනයනය සඳහා පහත සඳහන් ගුණාංග සලකනු ලැබේ.

ප්රමාණය    -    කොලයේ දිග අවම ලෙස සෙන්ටි මීටර් 20 ක් සහ පළල සෙන්ටි මීටර් 15
ක් විය යුතුය.

වර්ණය     -    හොඳින් මෝරණ ලද තද කොල පැහැති කොල
        -    අධික සැරගතිය
        -    කොලයේ නටුව දිග සෙන්ටි මීටර් 2.5 - 3 විය යුතුයි.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 09 වෙනි සදුදා, 10:23