අරමුණු :
අපනයන කෘෂිබෝග, නව වගාව හා නැවත වගාව තුලින් නිෂ්පාදනය පුලුල් කිරීම.
ආයෝජන ආධාර ලබාගැනීමට අයදුම් කළ හැක්කේ කාටද:
වතු අංශයේ හෝ පෞද්ගලික අංශයේ කුරුඳු, ගම්මිරිස්, කෝපි, කොකෝවා, කරඳමුංඟු, කරාඹු, සාදික්කා, වැනිලා, සේර හා පැඟිරි වගා කිරීමට කැමැත්තක් දක්වන වගා කරුවන් හට මෙම යෝජනා ක්‍රමයට එක්විය හැකිය.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන ආධාර
- වගාවට අවශ්‍ය සහතික කරන ලද පැල මුලු ප්‍රමාණය නොමිලේ නිකුත් කරනු ලැබේ.
- වගාව සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස්.
- මුල්‍යමය ත්‍යාගයන් - සාර්ථක ලෙස (90% ක් දක්වා පැල ප්‍රමාණයන්) ක්ෂේත්‍රයේ ස්ථාපනය කිරීමෙන් අනතුරුව වසර 2-3 කට පසුව) නිර්දේශිත සියලුම වගා පිළිවෙත් අනුගමනය කර ඇති අවස්ථාවන්හිදී පහත පරිදි ගෙවිම් සිදුකරනු ලැබේ.
|
බෝගය |
හෙක්ටයාරය සඳහා ගොවන මුදල (රු.) |
|
කුරුඳු |
20,000 |
|
ඇරබිකා කෝපි |
35,000 |
|
රොබස්ටා කෝපි |
20,000 |
|
කටිමුර් කෝපි |
35,000 |
|
කොකෝවා |
40,000 |
|
ගම්මිරිස් |
25,000 |
|
කරඳමුංඟු |
35,000 |
|
කරාඹු |
10,000 |
|
සාදික්කා |
15,000 |
|
වැනිලා |
5,000 |
|
පැඟිරි |
10,000 |
|
සේර |
10,000 |
සපුරාලිය යුතු සුදුසුකම් :
- අවම වගා වපසරිය අක්. 1/2 (0.2 හෙක්)
- 'ජාතික සවිය ' හේ 'ගම නැඟුම' යටතේ වගා වපසරිය අක්. 1/4 හෝ හෙක්. 0.1 ලෙස
- ඉඩමේ අයිතිය තහවුරු කළ යුතුය. හෙක්. 2 කට වඩා වැඩි වපසරියක් සහිත ඉඩම් සඳහා පිඹුරු පත් ඉදිරිපත් කළයුතුය.
අයදුම් කිරීමේ පිළිවෙත
- ලඟම පිහිටි ගොවිජන සංවර්ධන මධ්යස්ථානය අපනයන කෘෂිකර්ම ව්යාප්ති නිලධාරී මඟින් බදාදා දිනයන්හී. උදෑසන 8.30 සිට පස්වරු. 4.15 දක්වා
- සහකාර අධ්යක්ෂ කාර්යාල වලින් රාජකාරි දිනයන්හී උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා අයදුම්පත් ලබාගත හැකිය. අන්තර් ජාලයෙන් ද අයදුම්පත්ර ආකෘති ලබාගත හැකිය.
සේවාවන් ලබාගැනීම සඳහා ගාස්තු
අයදුම් කරන අවස්ථාවෙදී රු. 10.00 ක මුද්දරයක් පමණි.
සේවාවන් සපයනු ලබන ආකාරය
අයදුම්පත් භාර දීමෙන් පසු කොට්ඨාශ භාර ව්යාප්ති නිලධාරී විසින් පෞද්ගලිකව ඉඩම පරික්ෂාකර බලා මුලික සුදුසුකම් සපුරා ඇත්නම් ඉඩම ලියාපදිංචි කර ගනු ලබනු ඇත.
මුලික බිම් සැකසුම් කටයුතු වල සිට, සියලුම වගා කටයුතු සඳහා ව්යාප්ති නිලධාරී විසින් අවශ්ය තාක්ෂණික උපදෙස් ලබාදෙනු ඇත.
අවශ්ය රෝපන ද්රව්ය නොමිලේ නිකුත් කරනු ඇත. ගොවි පුහුණු වැඩසටහන්/ ක්ෂේත්ර දින මඟින් අවශ්ය උපදෙස් හා දැණූම, ව්යාප්ති නිලධාරී විසින් නොමිලේ දෙනු ලැබේ. දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නිලධාරී කණ්ඩායමක් විසින් සිදුකරන ක්ෂේත්ර පරික්ෂණ ගණනාවකින් පසුව වගාව ඉතාම සාර්ථකව පවත්වාගෙන යනු ලබන වගාකරුවන් හට මුල්යමය ත්යාගයක් පිරනමනු ලැබේ.
සේවාවන් සැපයීම සඳහා ගතවන කාලය
වගකිවයුතු නිලධාරීන්
1. දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යක්ෂ
2. කොට්ඨාශ භාර ව්යාප්ති නිලධාරී
වැඩි විස්තර ලබාගැනීම
1. කොට්ඨාශ භාර ව්යාප්ති නිලධාරී
2. දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යක්ෂ
3. නියෝජ්‍ය අධ්‍යක්ෂ (ශිල්පීය)
4. අධ්‍යක්ෂ (සංවර්ධන)
5. අධ්‍යක්ෂ ජනරාල්





