මේ සඳහා අයඳුම් කළ හැක්කේ කාටද ?
පුද්ගලික වගා කරුවන්ට, අපනයන කෘෂි ගොවි සංවිධාන වලට, වැවිලි අංශයට හෝ මහ පරිමාන අපනයන කෘෂි බෝග වගා කරුවන්ට.
මෙම සේවාවේ ස්වභාවය:- ආයෝජන ආධාර ක්‍රම තුනක් ක්‍රියාත්මකව පවතී,
1) සමුහ සැකසුම් මධ්‍යස්ථාන
ආධාර සපයනු ලබන්නේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිය ලැබු ක්‍රියාකාරී ගොවි සංවිධාන වලටය. මෙහිදී ගොවි සංවිධානය විසින් එම සැකසුම් මධ්‍යස්ථානය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අපනයන කෘෂි නිෂ්පාදනයක් ප්‍රදේශයේ පවතින බව සනාථ කල යුතුය. යෝජනා ක්‍රමය සඳහා ලියාපදිංචි වීමෙන් අනතුරුව ඒ සඳහා ව්‍යාපෘති වාර්තාවක් ලබාදිය යුතුය. ගොවි සංවිධානයේ මුල්‍ය ස්ථායිතාවය හා පරිපාලනමය නිපුණත්වය, ක්‍රියාත්මක සැලැස්ම සහ ඉදිරි කාලීන වැඩසටහන එම ව්‍යාපෘති සැලැස්මෙහි අන්තර්ගත විය යුතුය. ව්‍යාපෘති වාර්තාව තාක්ෂණික වශයෙන් පිළිගත හැකි වේ නම් සහ ආර්ථිකමය වශයෙන් ඵලදායී වේනම් ව්‍යාපෘතිය සඳහා අනුමැතිය දෙනු ලැබේ.
මෙම යෝජනා ක්‍රමය යටතේදී ගොවි සංවිධානය මඟින් දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරනු ලබන උපකරණ සවිකිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිල්ල සපයා දිය යුතුය. දෙපාර්තමේන්තුව විසින් අදාල බෝගය හෝ බෝගයන් සඳහා නිර්දේශිත යන්ත්‍රෝපකරණ වසර 5 ක ණය පදනම යටතේ ගොවි සංවිධානය වෙත සපයනු ලැබේ. සැකසුම් මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිත්වය වසර 5 ක් තුල සාර්ථකව පවත්වාගෙන යනු ලැබු මධ්‍යස්ථාන වලට ණය පදනම යටතේ නිකුත් කළ උපකරණ වල හිමිකාරිත්වය ලබාදෙනු ලැබේ.
2) මධ්‍යම/කේන්ද්‍රීය සැකසුම් මධ්‍යෂ්ථාන
මෙම යෝජනා ක්‍රමය යටතේ මහ පරිමාණ සැකසීම දිරිමත් කරනු ලැබේ. මේ යටතේ වැවිලි අංශය, මහ පරිමාණ අපනයන කෘෂි ගොවීන් හෝ මහ පරිමාණ සැකසුම් කරුවන් සඳහා ආධාර ලබාදීම ඉලක්ක කෙරේ. මේ සඳහා උනන්දුවක් දක්වන ගොවි සංවිධාන, තනි පුද්ගල හෝ වෙනත් ඕනෑම පර්ශවයකට අයදුම් කළ හැක. එසේ වුවද මුලු ආයෝජනය රු. මිලියන 1 කට වැඩි විය යුතුය. මේ සඳහාද ඉදිරි සැලැස්ම, ක්‍රියාත්මක සැලැස්ම සහ ප්‍රමාණවත් කෘෂි නිෂ්පාදනයක් ප්‍රදේශයේ පවතින බව සනාථ වන ආකාරයේ ව්‍යාපෘති වාර්තාවක් ලබාදිය යුතුය. එම වාර්තාවේ සංක්‍යතාවය අධ්‍යනය කිරීෙමන් පසු සුදුසු ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදෙනු ලැබේ.
මෙහිදී සියලුම යන්ත්‍රෝපකරණ ඉල්ලුම්කරු විසින් සපයාගත යුතු අතර අවශ්‍ය තාක්ෂණික උපදෙස් දෙපාර්තමේන්තුව මඟින් සපයනු ඇත. ව්‍යාපෘතිය සඳහා සම්පුර්ණ ආයෝජනය රු. මිලියන 1 කට වැඩි විය යුතු අතර රු. 500,000 ක උපරිමයකට යටත්ව ආයෝජන ප්‍රමාණයෙන් 25% ක පිරිවැයක් දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලැබේ. ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු සිදුකරනු ලබන අධ්‍යයනයකින් පසු ගෙවීම් කරනු ලැබේ.
3) තනි පුද්ගල සැකසුම් මධ්‍යස්ථාන
මෙහි පරමාර්ථය වන්නේ සැකසුම් කරුවන්ගේ ධාරිතාවය ඒකක වශයෙන් දියුණුවට පත්කර නිෂ්පාදිතයන්ගේ අගය වැඩිදියුණු කිරීමය. මධ්‍යම පරිමාණයේ අපනයන කෘෂි ගොවීන්, වැවිලි අංශය හෝ මධ්‍යම පරිමාණයේ සැකසුම් කරුවන්/නිෂ්පාදන එක්රැස් කරන්නන් මේ සඳහා සුදුසුකම් ලබයි. දෙපාර්තමේන්තුවේ රීතීන්ට අනුගත වන අයුරින් එක් වගකිවයුතු පුද්ගලයෙකු ක්‍රියාකාරිත්වය සඳහා වගකියන්නේ නම් ගොවි සංවිධාන වලට ද මේ සඳහා අයදුම් කළ හැක. මෙම යෝජනා ක්‍රමය යටතේ පසු අස්වනු උපකරණ, යන්ත්‍ර, වියළන, සැකසුම් මඩු සහ අනිකුත් පහසුකම සහන මිළකට සපයනු ලැබේ. ගොඩනැගිල්ල සහ යන්ත්‍රෝපකරණ ස්ථාපිත කිරීමෙන් පසු පහත වගුවේ දැක්වෙන ආකාරයට මුදල් ආධාර ලබාගත හැක.
|
අයිතමය/ආයෝජනය |
මුල්‍ය ආධාරය (රු.)/අයිතමය හෝ ඒකකය |
|||
|
අ.
|
ගම්මිරිස් සැකසීම |
|
||
|
a.
|
ගම්මිරිස් බීජ වෙන්කරන |
|
||
| අතින් ක්‍රියාත්මක කරනු ලබන |
10,000
|
|||
|
විදුලියෙන් ක්‍රියාත්මක කරනු ලබන |
20,000 | |||
| Engine driven | 22,500 | |||
|
b.
|
කොළ ගම්මිරිස් ශ්‍රේණිකරනය |
8,000
|
||
|
c.
|
උණුදිය ප්‍රතිකාරකය |
1,000
|
||
|
d.
|
හුලං මඟින් ශ්‍රේණි කරන යන්ත්‍රය |
15,000
|
||
|
ආ.
|
කෝපි සැකසීම |
|
||
|
a.
|
කෝපි පොතු ගලවන යන්ත්‍රය |
|
||
|
අතින් ක්‍රියා කරවන |
5,000
|
|||
|
විදුලියෙන් ක්‍රියාකරවන |
15,000 | |||
|
b.
|
කෝපි පෑහීමේ යන්ත්‍රය |
10,000
|
||
|
ඇ.
|
කොකෝවා සැකසීම |
|
||
|
a.
|
2'x2'x2' පැසවීමේ පෙට්ටි (3 ක් සඳහා) |
4,500.00 (පෙට්ටියකට 1500/)
|
||
|
b.
|
තැටි අඩංගු ඒකකයන් සහ සේදීමේ පහසුකම් සඳහා |
6,000.00 (ඒකකයකට) |
||
|
ඈ.
|
සගන්ධ තෙල් නිස්සාරන ඒකක |
|
||
|
a.
|
නව ඒකක |
75,000.00
|
||
|
b.
|
අලුත්වැඩියා |
75,000.00 දක්වා |
||
|
ඉ.
|
සැකසුම් මඩු |
|
||
|
a.
|
කුරුඳු සඳහා (අවම වශයෙන් වර්ග අඩි 400 ක් ) |
40,000.00 (ඒකකයකට) |
||
|
b.
|
වෙනත් බෝග සඳහා (අවම වශයෙන් වර්ග අඩි 400 ක) |
25,000.00 (ඒකකයකට)
|
||
|
ඊ.
|
වියලන ඒකක |
|
||
|
a.
|
බහු කාර්ය වියළන (ධාරිතාවය කි.ග්‍රෑ. 250 හෝ ඊට වැඩි) |
100,000.00
|
||
|
b.
|
සුර්යතාප වියළන (වර්ග අඩි 100) |
උපරිමය 10,000.00 |
||
|
c.
|
ආරක්ෂිත වියළන කමත (වර්ග අඩි 200 ක් හෝ ඊට වැඩි) |
වර්ග අඩියට රු. 25
|
||
|
d.
|
උස්ව ඉදිකළ වියළීමේ පෘෂ්ඨ |
උපරිමය 25,000.00
|
||
මෙම සේවාව සඳහා අයඳුම් කළ යුතු ආකාරය
මේ සඳහා අයදුම්පතක් පහත ස්ථාන වෙත ඉදිරිපත් කළ යුතුය.
- ආසන්නතම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවයේ නියුතු අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරිවරයා වෙත බදාදා දින වල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 කාලය තුල
- දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂවරයා වෙත කාර්යාල දින වල ප.ව. 8.30 සිට ප.ව. 4.15 කාලය තුල
සේවාව සපයන ආකාරය:
අයදුම්පත ලියාපදිංචි කිරීමෙන් පසුව දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සක්‍යතා අධ්‍යනයක් කරනු ඇත. ගොඩනැගිල්ල ඉදිවන පරිශ්‍රය, ඉඩමේ අයිතිය, ගොවි සංවිධානය හෝ ඉල්ලුම් කරුගේ මුල්‍යමය ශක්තිය සහ ව්‍යාපෘති වාර්තාව් තිරසාරභාවය මෙහිදී අවධානයට ලක්වනු ඇත. මෙම නිර්ණායකයන් සතුටුදායකව සම්පුර්ණ කර ඇත්නම් අයදුම්පත මෙම යෝජනාක්‍රමය සඳහා ලියාපදිංචි කරනු ඇත.
ඉන් අනතුරුව ඉදිකිරීම් කටයුතු ඇරඹීම සඳහා අනුමැතිය ලැබෙන අතර, අවශ්‍ය අවස්ථාවලදී දෙපාර්තමේන්තුව විසින් තාක්ෂණික දැණුම සපයනු ලැබේ. යන්ත්‍රෝපකරණ මිළදී ගැනීමේදී හා සවිකිරීමේදී තාක්ෂණික සහය ලබාදෙනු ඇත. සැකසුම් මධ්‍යස්ථානයේ වැඩ සම්පුර්ණයෙන් නිමකළ පසුව ගෙවීම් සිදුකරනු ලැබේ.
සේවාව ලබාදීමට ගතවන කාලය
අයදුම් කිරීමෙන් මාස හයේ සිට වසරක් ඇතුලත
කටයුතු භාර නිලධාරීන්
දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යක්ෂ
ආසන්නතම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරිවරයා.
නියෝජ්‍ය අධ්‍යක්ෂ - ශිල්පීය
අධ්‍යක්ෂ (සංවර්ධන)
අධ්‍යක්ෂ ජනරාල්





