Tamil-Sri LankaEnglish (United Kingdom)
 
මුල් පිටුව සන්නිවේදන වැඩ සටහන්

අපනයන කෘෂිකර්ම සන්නිවේදන අංශයේ කාර්යභාරය

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අංශය මගින් ඉටු කරනු ලබන ප‍්‍රධාන කාර්යයන් වන්නේ මෙම ක්‍ෂේස්ත‍්‍රයට අදාල නව තොරතුරු හා පර්යේෂණ අංශය මගින් සොයා ගන්නා තාක්‍ෂණික දැණුම අදාල පාර්ශවකරුවන් වෙත සන්නිවේදනය කිරීම හා බෙදාහැරීමයි. මෙම කාර්යය ප‍්‍රධාන වශයෙන් ජනමාධ්‍ය හරහා සිදුකරනු ලබයි. මෙමගින් අපේක්‍ෂා කරනුයේ අදාල පාර්ශවකරුවන් සම්බන්ධීකරණය කිරීම හා ඔවුන්ගේ සමාජ හා ආර්ථික තත්වයන් සංවර්ධනය කිරීමත් සඳහා යොමු කිරීමයි. මීට අමතරව ප‍්‍රදර්ශණ, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය භාවිතා කර දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහෙයවීම ද සිදුකරනු ලබයි.

මීට අදාල ක‍්‍රීයාකාරකම්, වැඩසටහන් හා ව්‍යාපෘති ප‍්‍රාදේශීය, දිස්ත‍්‍රික්, පළාත් හා ජාතික මට්ටමින් ක‍්‍රියාත්මක කරන අතර ඒවා ක්‍ෂේස්ත‍්‍ර නිළධාරීන්ගේ සහයෝගයෙන් හා සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලබයි. මෙම වැඩසටහන් මගින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අභිමානය ඉස්මතු වන පරිදි ක‍්‍රියාත්මක කරන අතර මෙම සියළුම ක‍්‍රියාකාරකම් සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පවතී.

ඉහත සඳහන් කරන ලද අභිමතාර්ථ සාක්‍ෂාත් කර ගැනීම සඳහා පහත සඳහන් මාධ්‍ය නිර්මාණ සහ නිෂ්පාදන ප‍්‍රධාන වශයෙන් භාවිතාවේ.

01 රූපවාහිනී මාධ්‍ය
සැඟවුණු කහවණූ අපනයන කෘෂි බෝග වගාව හා අස්වනු සැකසීම ආදී කාලීන තොරතුරු ඇතුලත් වාර්තාමය වැඩසටහන ජාතික රූපවාහිනියේ සෑම සිකුරාදා දිනකම සවස 06.00 සිට 06.15 දක්වා විකාශනය වේ.

ඊට අමතරව කාලීන වැදගත් ප‍්‍රවෘත්ති හා සිදුවීම් විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ විටින් විට විකාශනය කෙරේ.

02 ගුවන් විදුලි මාධ්‍ය
මහ ගෙදරින් ගොවි ගෙදරට කාලීන අපනයන කෘෂි තොරතුරු ඇතුලත් වාර්තාමය වැඩසටහන ස්වදේශීය, කඳුරට, රුහුණු සහ රජරට යන සේවා ඔස්සේ සෑම ඉරිදා දිනකම ප.ව.07.00 සිට 07. 15 දක්වා විකාශනය වේ.

සේද මාවත අපනයන කෘෂි බෝග ප‍්‍රවර්ධනය වෙනුවෙන් ලියැවෙන විද්‍යුත් අටුවාව සෑම සතියේ දිනකම උදෑසන 06.20 ට සිටි එෆ් එම් නාලිකාව ඔස්සේ විකාශනය වේ.

03 ජාතික ප‍්‍රවෘත්ති පත‍්‍ර
කාලීන වැදගත්කමක් උසුලන ලිපි හා ප‍්‍රවෘත්ති ජාතික පුවත්පත්වල කෘෂි අතිරේකයේ පල කරනු ලැබේ.

සියළුම දිස්ත‍්‍රික්ක ආවරනය වන පරිදි අපනයන  කෘෂි බෝග නිෂ්පාදන වල පවතින සාමාන්‍ය මිල ගණන් සෑම සිකුරාදාම දිණමින පත‍්‍රයේ පලකිරීම.

04 තාක්‍ෂණික පොත් පිංච
අපනයන කෘෂි් බෝග හා සම්බන්ධ තාක්‍ෂණික තොරතුරු ඇතුලත් පොත්පිංච ප‍්‍රකාශයට පත්කිරීම හා පවතින පොත්පත් යාවත්කාලීන කිරීම ආදිය සිදුකරයි.

කුරුඳු, ගම්මිරිස්, එනසාල් සාදික්කා කරාබු කෝපි කොකෝවා බුලත්, සිට්‍රොනෙල්ලා, ලෙමන්ග‍්‍රාස්, හා පොහොර යෙදීම ආදිය පිළිබඳ පොත්පිංච මෙහි දී ලබාගත හැකිය.

05 පෝස්ටර් අත්පත‍්‍රිකා හා තොරතුරු පත‍්‍රිකා නිර්මාණය
කාලීන අවශ්‍යතා මත  අපනයන කෘෂි බෝග තොරතුරු ඇතුලත් පෝස්ටර් හා වෙනත් තොරතුරු පත‍්‍රිකා නිර්මාණය කර ප‍්‍රකාශයට පත්කිරීම.

06 සාරති පුවත් හසුන
අපනයන කෘෂි තොරතුරු ඇතුලත් ත්‍රෛයි මාසික සාර සංග‍්‍රහයකි. විද්‍යාත්මක, කලාත්මක සංස්කෘතික හා වෙළඳපොළ තොරතුරු වලින් එය සමන්විත වේ.

07 සංයුක්ත තැටි නිර්මාණය
පාර්ශව කරුවන්ගේ විවිධ අවශ්‍යතා මත වැදගත්වන අපනයන කෘෂි බෝග තොරතුරු ඇතුලත් වාර්තාමය වැඩසටහන් මෙන්ම ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය දර්ශන ඇතුලත් සංයුක්ත තැට් නිර්මාණය කිරීම.

08 ප‍්‍රදර්ශන
ප‍්‍රාදේශීයව හා ජාතික මට්ටමින් සංවිධානය කරනු ලබන අධ්‍යාපනික, තාක්‍ෂණික හා කර්මාන්ත සංවර්ධනය හා සම්බන්ධව පවත්වන සියළුම ප‍්‍රදර්ශන අවස්ථාවලට සහභාගී වීම. පාර්ශවකරුවන් තාක්‍ෂණික තොරතුරු වලින් සහ දැනුමින් යාවත්කාලීන කිරීම මෙහි ප‍්‍රධාන අරමුණයි.

09 තොරතුරු බෙදාහැරීම හා මාර්ගෝපදේශනය
පාර්ශවකරුවන්ගේ දුරකථන විමසීම් වලට ප‍්‍රතිචාර දැක්වීම සහ පැම්ණ විමසීම් කරන පුද්ගලයින් හට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරදීම සිදුකරයි. මීට අමතරව පාසල්, කාර්මික විද්‍යාල හා විශ්ව විද්‍යාල සිසුන් සඳහා අවශ්‍ය තොරතුරුමය මඟපෙන්වීම හා මාර්ගෝපදේශනය ලබාදේ.

10 බහුවිධ මාධ්‍ය දත්ත ගබඩාව නඩත්තු කිරීම
අපනයන කෘෂීකර්ම හා ආශ‍්‍රිත ක්‍ෂේස්ත‍්‍ර වලට අදාල තාක්‍ෂණික, ශෂ්‍ය විද්‍යාත්මක සමාජමය හා වෙළඳපොළ තොරතුරු හා අදාල විශේෂ සිදුවීම් දෙපාර්තමේන්තු අවශ්‍යතා මත එක්රැුස් කිරීම ගබඩාකිරීම හා මෙම ක්‍ෂේස්ත‍්‍රයේ උන්නතිය උදෙසා එම තොරතුරු අවශ්‍ය පාර්ශවකරුවන් වෙත සම්පාදනය කිරීම සිදුකරයි.
 

 

අවසන් යාවත්කාලීන කිරීම 2011 පෙබරවාරි 02 වෙනි බදාදා, 13:44